කඩා වැටුණු ඩ්‍රෝන යානාව රුසියාවේ අතට පත්වීමට පෙර අමෙරිකාව සිදුකළ දේ…

america and russia drone

රුසියානු ප්‍රහාරක ජෙට් යානාවක් සමග ගැටීමෙන් අනතුරකට ලක්වූ අමෙරිකාවේ  MQ-9 රීපර් වර්ගයේ ඩ්‍රෝන් යානය කළු මුහුදට කඩා වැටීමට පෙර එහි ඇතුලත් සංවේදී මෘදුකාංග දුරස්ථ පාලක මෙහෙයුම් මැදිරියේ සිටි නියමුවන් විසින් මකා දැමීමට සමත්ව ඇති බව එරට ආරක්ෂක අංශ ප්‍රධානින් පවසනවා.

කළු මුහුදට කඩා වැටුණු මෙම ඩ්‍රෝන යානය ගොඩ ගැනීමට රුසියාව කටයුතු කළද ඒ හරහා ඔවුන්ට ලබා ගත කිසිවක් නොමැති බවයි අමෙරිකානු ආරක්ෂක ප්‍රධානින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Nikolai Patrushev කියා සිටියේ ඩ්‍රෝන යානයේ සුන්බුන් නැවත ලබා ගැනීමට රුසියාව උත්සාහ කරන බවයි. 

“අපට එය ලබා ගත හැකිද නැද්ද යන්න මම නොදනිමි, නමුත් අපි එය කළ යුතුයි … අපි අනිවාර්යයෙන්ම එය සොයා බලන්නෙමු” යැයි රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Nikolai Patrushev එරට මාධ්‍ය සමග කියා සිටියා.

ඩ්‍රෝන යානාව කඩා වැටුණු කළු මුහුද ආශ්‍රිතව කිසිදු අමෙරිකානු නාවික හමුදා යාත්‍රාවක් නොමැති බවත් ඒ හේතුවෙන් කඩා වැටුණු යානාවේ සුන්බුන් ලබා ගැනීම ඔවුන්ට ඉතා දුෂ්කර කාර්යක් වනු ඇති බවයි උසස් නාවික හමුදා නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ මූලෝපායික සන්නිවේදනයේ සම්බන්ධීකාරක ජෝන් කර්බි පැවසුවේ ඩ්‍රෝන් යානය හා සම්බන්ධ “කොටස්” ආරක්ෂා කිරීමට තම ආරක්ෂක අංශ නිලධාරීන් පියවර ගෙන ඇති බවයි.

0 MQ 9 Reaper drone
1665035658 4190316 1665035495 2918916ezgif.com gif make vFbO8l0
14dc drone lhzj videoSixteenByNine3000
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top