ගත් කතුවරු CID යයි. PDF පොත් ඔබත් පරිහරනය කලාද?

book to pdf

කතුවරුන්ගේ කිසිදු අවසරයකින් තොරව, ග්‍රන්ථ PDF ආකාරයට සකස්කර අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් ග්‍රන්ථ කතුවරුන් සහ ප්‍රකාශකයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉයේ (30) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ප්‍රවීණ සහ සම්මානනිය ලේඛකයින් විසින් රචිත ග්‍රන්ථ අනවසරයෙන් උපුටාගෙන ඒවා PDF ආකාරයෙන් සකස් කර අන්තර්ජාලය ඔස්සේ බෙදාහරමින් මුදල් ඉපයීම සිදුකරන සංවිධානාත්මක වැඩපිළිවෙළක් පිළිබඳව ඊයේ රට හමුවේ අනාවරණ කළේය.

එම අනාවරණයෙන් පසු අනීතික PDF මංකොල්ලයට එරෙහි ලේඛක, ප්‍රකාශක සහ පාඨක එකමුතුව ඉයේ මාධ්‍ය හමුවක් පැවැත්විය.

එම එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ශ්‍රීමාල් පැවසුවේ කතුවරු 800කට වැඩි පිරිසක් මෙලෙස අසාධාරණයට පත් වී ඇති බවය. 

එමෙන්ම කෘති 3,000කට වැඩි ගණනක් මෙලෙස අනීතිකව PDF ආකාරයට සකස් කර අන්තර්ජාලයට මුදාහැර ඇති බවද ඒ මහතා පැවසීය.

මේ වන විට සැකකරුවන් 38 දෙනෙකුගේ දත්ත තමන් සතුව ඇති බවත් ඒ අනුව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top