EXCLUSIVE – කංචන, බන්දුල, කෙහෙළියගේ ඇමති පට්ටම් ගැලවෙයි

kkl

මේ සතිය තුළ නව කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් දිවුරුම් දීමට සුදානම් බව වාර්තා වනවා.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක දිවුරුම් දීමට නියමිතයි.

ඒ අනුව කුමාර වෙල්ගම මහතා මිට පෙර අවස්ථාවක කටයුතු කළ පරිදි ප්‍රවාහන අමාත්‍ය ධුරයේ සහ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බවයි සඳහන් වන්නේ.

බොහෝ දුරට දුමින්ද දිසානායක මහතා විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට වැඩි ඉඩක් ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරනවා.

මෙම නව කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීමත් සමඟ දැනට කැබිනට් මණ්ඩලයේ සිටින ඇමතිවරුන්ගේ විෂය පථයන් වෙනස් වනු ඇති බවයි.

මේ අනුව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර යන කැබිනට් අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර අහිමි වනු ඇති.

කෙසේ වෙතත් ඔවුන්ට නව විෂය පථ යටතේ වෙනත් ඇමති ධුර ලබාදීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top