ගෝඨාභය මහින්ද ඇතුළු හිටපු ජනපතිවරුන් හා බිරියක නඩත්තුවට 2023 වසරේ විශාල මුදලක්

former prasidents and wifes

ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරුන් හා එම වැන්දඹු බිරියක නඩත්තුව වෙනුවෙන් කිසිදු අඩුවක් නොකර 2023 වසර සඳහාත් විශාලමුදලක් වෙන් කර තිබෙන බව නිල ලිපිලේඛන ඇසුරින් තහවුරු වන්නේ යයි අද ඩේලි මිරර් පුවත්පත අනාවරණය කර තිබේ.
ආර්ථික අර්බුදය හමුවේ භාණ්ඩාගාරය කිසිදු කප්පාදුවක් නොකර මෙම මුදල් වෙන්කිරීම ගැටලුකාරීය.
2023 වසර සඳහා අයවැය ප්‍රතිපාදන හෙළිදරව් කරමින් භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, හිටපු රාජ්‍ය නායකයින් සඳහා මිලියන ගණනක් වෙන් කර ඇති අතර, එයින් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ නිල නිවාස සහ වාහන නඩත්තු සඳහා වෙන්කර පවතී
හිටපු ජනාධිපතිවරුන් හතර දෙනෙකුට සහ ජනාධිපති ආර්යාවකට  වෙන්කර ඇති මුදල රුපියල්  47,460,000 කි.

මහින්ද රාජපක්ෂ සඳහා සඳහා රුපියල් 12,170,000, චන්ද්‍රිකා කුමාරතුංග සඳහා රුපියල් 9,670,000 මෛත්‍රිපාල සිරිසේන සඳහා 12,170,000, ගෝඨාභය රාජපක්ෂ සඳහා රුපියල් 11,170,000 හා හේමා ප්‍රේමදාස සඳහා රුපියල් 2,280,000 ක් 2023 දී වෙන් කර තිබේ.
2022 ශ්‍රී ලාංකීය පුරවැසියන්ට ආර්ථික ව්‍යසනයක්  උදාවීම හේතුවෙන් භාණ්ඩාගාරය හැකි සෑම ක්ෂේත්‍රයකම පාහේ 2023 සඳහා අයවැය ප්‍රතිපාදන අඩු කරනු ඇතැයි අපේක්ෂා කළද මේ සඳහා වෙනසක් කර නැත.
නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ 2023 සඳහා මහා භාණ්ඩාගාරය විසින් මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාම ප්‍රතිලාභ ලෙස
 2022 සඳහා වෙන් කර ඇති අගයම වෙනසක් නැතිව වෙන් කර ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතා  පසුගියදා ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද රජය විසින් රුපියල් මිලියන 800ක අතිවිශාල මුදලකින් පිළිසකර කළ කොළඹ 7 විජේරාම පාරේ පදිංචියට පැමිණියේය.
විජේරාම නිවස නඟා සිටුවීමට කටයුතු කරමින් සිටියදී ඔහු බෞද්ධාලෝක මාවත තාවකාලිකව පදිංචියට ගිය රජයේ නිවස මේ වන විට ඔහුගේ සොහොයුරා වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවරා දී ඇත්තේ 2022 ජූලි මාසයේදී ඔහුගේ වැරදි කළමනාකාරිත්වය හේතුවෙන් බලයෙන් ඉවත් වීමට සිදු වීමෙන් පසුවයි. ඔහු දැන් ජීවත් වන්නේ රජය විසින් සපයන ලද සුඛෝපභෝගී රජයේ බංගලාවක ය.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 සඳහා මහා භාණ්ඩාගාරය විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට විශ්‍රාම ප්‍රතිලාභ වශයෙන් රුපියල් 1170,000 ක් වෙන් කර ඇති අතර එය 2022 සඳහා වෙන් කර ඇති අගයම වේ. 

gdhjgyj
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top