‘මල්ලී හෙල්මට් දාං බයික් පදින්නැයි‘ අවවාද කරන්න ගිහින් හෙල්මට් පහරකා මරු දුටු රංග විරාජ් | ඔයාගෙ හිසට ඒ පහ’ රවල් වැදෙද්දි පුංචි කෙල්ලව මතක් වෙන්න ඇති. හෙල්මට් පළඳින්නැයි උපදෙස් දුන් පියෙකු, හෙල්මට්වලින්ම පහරදී අවසන් ගමන් යැවූ අවුරුදු 16 කොල්ලො තුන්දෙනා.. (PHOTOS )

asarana piyek

හෙල්මට් නොමැතිව අපරීක්ෂාකාරි ලෙස යතුරුපැදි ධාවනය කළ අවු 16 පාසල් සිසුන් කිහිපදෙනෙකුට අන්තරාය ගැන උපදෙස් දෙන්න ගොස් ඇතිවූ බහින්බස්වීමකින් පසු ඔවුනගේ හෙල්මට් පහරකා බරපතල තුවාල නිසා අවාසනාවන්ත ලෙස මියගිය අලුත්ගම ප්‍රදේශයේ එක්දරු පියෙකු ගැන වාර්තාවේ.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් ජයසිංහ නැමැති 34 හැවිරිදි  එක්දරු පියෙකි.  සිද්ධිය සිදුවන අවස්ථාවේ මියගිය රංගද යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව කියැවිණි.
ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන් දැක ඔහු කළ අවවාද නොරිස්සූ තරුණයින් ඔහු සමග ආරවුලට පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.  
ඔවුන් සතුව තිබූ හෙල්මට් වලින් විරාජ්ගේ මුහුණට හිසට දිගට හරහට පහරදුන් බව කියැවේ.
බරපතළ තුවාල ලැබූ විරාජ් තුවාල සහිතව බිම වැටුණ පසු
 සිසුන් තිදෙනාම එම ස්ථානයෙන් පලාගොස් තිබුණි. තුවාල කරු රෝහල් ගත කිරීමට අවට අය කටයුතු කළ අතර
වෙළෙඳසලක සැඟවී සිටි පාසල් සිසුවකු පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇත. ඒ සමගම ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් එම සිසුවාට පහර දීමට උත්සාහ දැරූ බවද වාර්තා විය.

 ඇතිවූ උණුසුම් තත්වය පාලනය කරන්නට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු ද එම ස්ථානයට පැමිණ පිරිස විසුරුවා හැරීමට පියවර ගත්හ.

සැකකාර අනෙක් සිසුන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස්වල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරුවන් ගමන් කළ  යතුරු පැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අධිකරණයට ඉදිරිපත් කළ පසුව  එක්දරු පියා ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනා මෙම මස 28 දින දක්වා මාකොළ බාලක රැඳවුම් නිවාසයේ රඳවා තබන ලෙස මතුගම අතිරේක මහේස්ත්‍රාත් නිරූපා නානායක්කාර මහත්මිය ඊයේ 15 නියෝග කළාය.
මෙසේ රඳවා තැබීමේ නියෝග නිකුත් කළේ වැලිපැන්න පොලිස් වසමේ දැල්කඩ, ගල්මත්ත පදිංචි පාසල් සිසුන් දෙදෙනකුට සහ මීගම, දර්ගා නගරය පදිංචි පාසල් සිසුවකුටය.
මොවුන් Tik Tok තුලද ඉතා ජනප්‍රිය අය බව කියැවේ.
පාරේ බයික් වැඩ දදා පදින අවස්ථාවක අන්තරාය දුටු නිසා හෙල්මට් පළදින ලෙස ඉතා සුහදශීලීව අවවාද කළ රංග විරාජ් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු විය. ඔහු මාස 11ක දියණියකගේ පියෙකු වූ අතර අනපේක්ෂිත සිද්ධියෙන් දියණියට ආදරණීය පියෙකු අහිමිවී ඇත…
විරාජ්ගේ බිරිඳ දිල්කී පහන්තිහගේ ගුරුවරියක වන අතර. විරාජ් පුද්ගලික සමාගමක රැකියාව කරමින් සිටියේය.

ගුරුවරයෙකුටවත් දරුවෙක්ට උපදෙසක් දෙන්න බැරි කාලයක් මේක අයියේ ඔයාගෙ හිසට ඒ පහරවල් වැදෙද්දි පුංචි කෙල්ලව මතක් වෙන්න ඇති ඔයාට නිවන් සුව ලැබේවා අයියේ !!! නොසන්ඩාල විදියට දරුවෝ හදලා රටක් වටින කොල්ලෙක් අපට නැති වුණා …. රංග අයියේ උපදින කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් ඔයාට සිදු නොවේවා !!! ජීවිතයක වටිනාකමක් නොදන්න මේ මිනීමරු නරුමයන්ට නීතිය ක්‍රියාත්මක කරඋපරිම දඩුවම ලැබී යුක්තිය ඉටුවෙන්නම ඕනි…. Prasanga Galabodawatta ගේ සටහනක්..

23 63ee3f7dd3142
23 63ee3f7e2b050
23 63ee3f7e68ed2
23 63ee3f7ea4bc5
23 63ee3f7eece60
23 63ee3f7fb68ad
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top