ඔබේ ජනතාවට බර ගන්න බැරි නම් අපි කොහොමද මුදල් දෙන්නේ ඇහුවා – ජනපති

imf kondesi

මීටත් වඩා බදු බරක් ජනතාව මත පැටවීමට IMF සංවිධානය උපදෙස් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නමුත් ආණ්ඩුව කටයුතු කරන්නේ ජනතාවගේ තත්ත්වය තේරුම් ගෙන බව ජනාධිපතිවරයා පැවසීය.

ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට පැමිණි පසු රාජ්‍ය සේවකයින්ට දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. 

“ගිය වසරේ අපේ ආර්ථිකයේ වර්ධන වේගය ඝෘණ 11යි. මේ අවුරුද්දේ අපි හරියටම ක්‍රියා කළොත් ඒක ඝෘණ 3.5ක් වෙන්න පුළුවන්. ගෝලීය ප්‍රශ්නය නිසා 4ක් වෙන්න පුළුවන්. අපිට ඩොලර් නැති වෙලාවේ.. රුපියල් නැති වෙලාවේ අපි ගත්ත සැලැස්ම අනුව අද අපි යම් ආධාර ලැබුණා. මීට වඩා අපිට ලැබෙන්න තිබෙනවා.”

“අපිට ලැබුණු පොහොර නිසා මහ කන්නය සාර්ථක වෙන්න යනවා. ඒත් අපි මේකෙන් ඈත් වුණොත් ගිය අප්‍රේල්, ජුනි, ජූලි වාගේ තත්ත්වයට එන්නේ. ඒ තත්ත්වයට ගියොත් ඊටත් වඩා අමාරු වෙනවා.” 

“ඒ අය කිව්වේ.. මේ ප්‍රශ්නය විසඳන්න තමන්ගේ ජනතාවට උපරිම බර ගන්න බැරි නම්.. අපි කොහොමද මුදල් දෙන්නේ කියලා. අපි දෙන්නෙත් අපේ ජනතාවගේ බදු මුදල්. ඉතින් ඔබේ සම්පූර්ණ උත්සාහය ගන්නේ නැත්නම් අපිට මුදල් දෙන එක දුෂ්කරයි කියන එක කිව්වා.” 

“ඒ කියන්නේ දැන් තිබෙන ආදායම තව 75%කින් අවුරුදු 3කින් වැඩි කරන්න තිබෙනවා. මේක නොකෙරුවොත් හෙට ඉඳලා අපිට ආධාර ලැබෙන්නේ නැහැ.” 

“2023 ජනවාරි මාසයේ අපිට ලැබුණු ආදායම රුපියල් බිලියන 145යි. වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි සියල්ලම අරගත්තාම ප්‍රාග්ධන වියදම්.. එතන බිලියන 143යි.” 

“ඒ විතරක් නෙමෙයි. ණය ගෙවීමට තව බිලියන 355ක් ඕනේ. ජනවාරි මාසයේ අපේ සම්පූර්ණ වියදම් බිලියන 498යි. මේක තමයි අමාරු තත්ත්වය. ඒත් අපිට ගොඩ එන්න පුළුවන් හරියට ක්‍රියාත්මක වුණොත්.”

“2022 රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 794යි. අපිට ඒවා ගෙවන්න මේ අවුරුද්දේ මුදල් නැහැ. ඒකයි කිව්වේ තමන්ම තමන්ගේ මිල වැඩිකරලා හරි අලාභය මකා ගන්න. විදුලිබල මණ්ඩලය.. අපි සියලුදෙනාටම ඒක බලපානවා.”

“IMF අපිට කියන්නේ බදු ආදායම් ගන්නේ නැත්නම් අනෙක් රටවලිනුත් බදු ආදායම් දෙන්නේ නැහැ කියලා. ඒ අය පෙන්නුවා අපේ රටේ බදු වියදම් වැඩියෙන්ම තියෙන්නේ සාමාන්‍ය ජනතාවට කියලා. බදු ගෙවන අයට නෙමෙයි.” 

“ඇත්තටම වෙළෙඳ..තීරු බදුවලින් ලැබෙනවා 26.3%ක්. ආදායම් බදුවලින් ලැබෙන්නේ 17.4%ක්. ඒ නිසා IMF කිව්වා බදු වැඩි කරන කොට ආදායම් බදුවලින් ගන්න. වෙනත් බදුවලින් ගත්තොත්..දැනටමත් දුප්පත් ජනතාවට අමාරුයි කියලා. ” 

“IMF සංවිධානයෙන් කිව්වා මාසයට රුපියල් 43,000ක් ලැබෙන අයට බදු දාන්න කියලා. අපි කිව්වේ ඒක කරන්න බැහැ…150,000ක් කියලා. අපිට ලක්ෂයකට එන්න තිබුණා. දේශපාලකයේ හැටියට මමත් කැමති නැහැ එතනට යන්න. නමුත් රට බේරාගන්න නම්  එතනට යන්න තියෙන්නේ.” 

“දැන් මටත් ගෙයක් හදන්න තියෙනවා. මං ආණ්ඩුවෙන් වන්දි ඉල්ලන්න යන්නෙත් නැහැ. මේ අමාරුකම් අපි ඔක්කොම දන්නවා.” 

“අපේ ආදායම මීට වඩා ශක්තිමත් වෙනවා නම් මම බලාපොරොත්තු වෙන්නේ මේ වසරේ 3වන කාර්තුවේදී සහනයක් හැටියට රජයේ සේවකයින් සියලු දෙනාටම වැඩිපුර දීමනාවක් දෙන්න. අපි දියුණු වෙන්න දියුණු වෙන්න පඩි වැඩි කරන්න ඕනේ. පැරදුනත් දින්නත් මම කියන එක කෙලින්ම කිව්වා.”

“අපි ඉන්දියාව, චීනය සමග සාකච්ඡා කරනවා.  විදේශ විනිමය රටට ගලාගෙන එන තත්ත්වයක් අපි බලාපොරොත්තුවෙනවා. මට මේක කවියෙන් කියන්න බැහැ.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top