කාජල්ගේ හෝ මගේ චිත්‍රපට බලන්නවත් අපේ දරුවන් උනන්දු නැහැ – අජේ දෙව්ගන්…

kajol and ajay devgan

ප්‍රකට බොලිවුඩ් නළුනිළි දෙපළක් වන අජේ දෙව්ගන් හා කාජල් කලකට පසු තම දරු දෙන්නා ගැන සම්මුඛ සාකච්ඡාවකදී කරුණු කියා තිබේ.
ෆිල්ම් ෆෙයාර් සඟරාව කළ විමසීමකදී අජේ පවසන්නේ තමා බිරිඳ කාජල්, තමාගේ දරුවන් වන නයිසා සහ යුග් අවස්ථා කිහිපයකදීම සමාජ මාධ්‍ය වල ගොදුරු බවට පත්වන්නට සිදුවූ නමුත් දැන් ඒවා මග හැරයන්නට කියාදී ඇති බවයි. . නයිසාට කිහිප වතාවක්ම සමාජ මාධ්‍යයේ වෛරයට මුහුණ දීමට සිදු විය.

සමාජ මාධ්‍යවල නිතර නිතර ඇගේ පින්තූර සහ වීඩියෝ මතුවූ අවස්ථා ඇගේ සිත් පීඩාවට පත් කර තිබුණි.

අජේ පවසන්නේ තමා එවැනි දේවල් “නොසලකා හැරීමට” ඉගෙන ගෙන ඇති බවත් ඒ නිසා තමාගේ දරුවන්ටද එය කරන ලෙස ඉල්ලා සිටි බවයි.“ඔවුන් අන්තර්ජාලයෙන් කියවන දේවලින් කරදර නොවිය යුතු බව මුලදි සිතුවෙ නැහැ.නමුත් දැන් පුරුදුයි .. මේ කරදර දෙන්නේ ප්‍රේක්ෂකයින්ගෙන් කුඩා ප්‍රතිශතයක් පමණයි…” ඔහු කීය.

“මෙවැනි සෘණාත්මක පිරිසක් සිටින්නේ කොහේදැයි මම නොදනිමි. මම ඔවුන් නොසලකා හැරීමට ඉගෙන ගත්තා සේම මගේ දරුවන්ටද එසේ කරන ලෙස ඉල්ලා සිටියා. සමහර වෙලාවට ඒ අය ලියන දේවල් මටවත් තේරෙන්නේ නැහැ, ඒ නිසා මට කරදර කරන්න මම ඉඩ දුන්නේ නැහැ,” අජේ වැඩිදුරටත් පැවසීය.

තම දරුවන් කිසිවෙකු අනෙකුත් තරු-ළමුන් මෙන් නළු නිළියන් වීමට සිහින නොදකින බව පැහැදිලි කර ඇති අජේ, යුග් මෑතකදී හින්දි චිත්‍රපට නැරඹීමට පටන් ගෙන ඇති බවත්, නයිසා ඒ ගැන කිසිම උනන්දුවක් නොදක්වන බව ද කීවේය. ඔහු පැවසුවේ, “මගේ පුතා යුග් දැන් ඒවා බලන්න පටන් අරන්. මගේ දුව නයිසා අපේ චිත්‍රපටවත් බලන්නේ නැහැ. අඩුම තරමින් තවමත් ඒවා නැරඹීමට ඇයට උනන්දුවක් නැහැ.“ යනුවෙනි.

Ajay Devgn Kajol The ‘historic couple 1
untitled design 19 2
2022 7largeimg 995172945
Entertainment news of August 5 Ajay Devgn Kajol birthday 1200
article l 20211029415575157471000
990921 6695313 kajol1 updates
article l 202238214354952549000
1352990852 Kajol and Ajay Devgan at GQ Men of the Year Awards 2012 3
Kajol and Ajay Devgan 177d322c3f2 original ratio
article l 2021617913152347723000

Kajol 2
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top