“..පිස්සු ෆෑන් කෙනෙක් හිතන් ඉන්නෙ මම එයාගේ වයිෆ් කියලා..අවුරුදු 15ක ඉදන් පස්සෙන් එනවා..” – නිරෝෂා විරාජිනී..(PHOTOS)

nirosha virajini

අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය වගේම ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි නිරෝෂා විරාජනී කියන්නේ. ඉතින් ඇය නොමැති සංගීතය ලෝකයක් ගැන හිතා ගන්නවත් බැරි තරම්. ඒ වගේම මේ වන විට ඇය රියැලිටි තරග වලින් ගුරුහරුකම් ලබා දෙමින් විනිසුරු මඩුල්ලේ කටයුතු කරනවා.එදා පටන් අද දක්වාම ආව ගමන තුළ ඇයට අධික රසික පිරිසක් මුණ ගැහිලා තියෙනවා.

ඇය වගේ ඉතාමත් ප්‍රසිද්ධ චරිතයකට සිදුවුණ ජීවිතයෙ අමතකම නොවන සිදුවීම ගැන කියන්නම්..

31 වනදා 31st show එක තිබුණා. ඊට පස්සේ මම සින්දු කියලා ඉවරවෙලා වේදිකාවෙන් බැස්සා.මයි මගේ යාළුවෙක් කතා වුනේ අපි ගෙදර ගිහිල්ලා එදා රෑම කිරිබත් හදාගෙන අපි දෙන්නා කමු කියලා 12 විතර වෙන කොට ගෙදර ගිහිල්ලා පැයක් වගේ කාලයක් තුළදී කිරිබත් හදාගමු කියලා.

ඒක නිසා කොහෙන්වත් කන්නෙ නැතිව අපි කිරිබත් හදාගෙන ගෙදර ගිහිල්ලා කමු කියලා. ඊට පස්සේ ගේට්ටුවෙන් එළියට යනකොටම පිස්සෙක් හම්බවුණා. ඒ මනුස්සයා මගේ පස්සෙන් අවුරුදු පහළොවක විතර ඉඳලා එනවා. හේතුව ලඟ පොලිසිය දාලා ගොඩක් හිටියා. මොකද ගෝල් ෆේස් එකෙ ගොඩාක් ඉවෙන්ට්ස් තිබුන නිසා. ඊට පස්සේ දකුණට දාලා යන්න තිබුණු ගමන මම කෙලින්ම ගියා ශ්‍රැන්ගිලා එක පැත්තට මොකද ඒ වෙලාවේ අර මනුස්සයා මගෙන් පස්සෙන් ආපු නිසා ඒ තරමට මම ලොකු tension එකකින් හිටියේ.

ඊට පස්සේ අපිට ට්‍රැෆික් එකේ පාරේ ඉන්න වුණා පැය හතරක් විතර. මගේ අතේ ඒ වෙලාවේ බෝතලයක් තිබුණා. මම කිව්වා වැඩිය කරදර කර ගෙන ආවොත් එහෙම ඔළු කට්ට කු ඩුවෙන්න වතුර බෝතලෙන් දෙනවා කියලා. එතකොට එදා පළවෙනිදා බඩගින්නෙ කාර් එක ඇතුලට වෙලා තමයි පැය ගානක් ඉන්න උනේ. ඒ විදිහට මගේ ජීවිතයේ පිස්සන් නිසා ගොඩක් ප්‍රශ්න වෙලා තියනවා සමහර පිස්සු අය ඉන්නවා එයාලා මවාගෙන ඉන්නේ මම එයාලව බැඳලා ඉන්නවා කියලා. ඒ කියන්නේ මම එයාලගේ වයිෆ් කියලා. එතකොට සමහර අය හිතාගෙන ඉන්නවා මම ජීවත් වෙන්නේ එයාලගේ සල්ලි වලින් කියලා. (උපුටාගැනීමක්)

22814089 2009084466014847 77606496756447992 n
44464638 1999479486778656 4622839369890267136 n
channels4 profile
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top