කොහොම හරි උපාධිය ගන්න – මහාචාර්ය සම්පත් අමරතුංග…(Video)

kohomahari upadiya ganna

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ඉයේ (02) පෙරවරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි.

ඒ, රජරට ඇතුළු විශ්වවිද්‍යාල රැසක පවතින නේවාසිකාගාර සහ වෙනත් ගැටලු කිහිපයක් පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුවත් කිරීම සඳහා ය. 

එහිදී වෙනත් සාකච්ඡාවක් සඳහා කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටතට ගමන් කරමින් සිටි එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කොමිෂන් සභා පිවිසුම් මාර්ගයේදී ශිෂ්‍ය නියෝජිතයන්ගේ ගැටලුවලට එම අවස්ථාවේදීම සවන් දී තිබුණි.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එළඹෙන සතියේදී යළි ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට කටයුතු සුදානම් කරඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා,

“විශ්වවිද්‍යාල කිහිපයක මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය යනවා. මම බලහත්කාරයෙන් මැදිහත්වෙලා ඒක නවත්වන්න යන්නේ නැත්තේ.. ඒ තාක්ෂණය ඔස්සේ මුහුණට මුහුණ බලාගෙන හරි මේ කරන්නේ අකුරු කරන එකනේ. ගැටලු තියෙනවා. 20%ක් විතර තමයි මේ මාර්ගගත ක්‍රමවේදය දැන් යන්නේ. අපි ඉස්සර 100%ක් අවුරුදු 2 1/2ක් දිව්ව පද්ධතියක්. දැන් තියෙන්නේ 20% යි.” 

“ඒ 20% තියෙන්නේ.. සමහර වෙලාවට මේ ශිෂ්‍ය තදබදයත් එක්ක නේවාසිකාගාරයට ගේන්න බැහැ. එතකොට පුතා, නේවාසිකාගාරයට ගේන්න බැරිවුනාම කණ්ඩායමක් එළියෙන් තියලා අන්තර්ජාලය ඔස්සේ උගන්නලා, ඒ ගොල්ලන්ව ගෙනල්ලා විභාග තියනවා. පුතාලා ඒකටත් යම්කිසි අගය කිරීමක් කරන්න ගුරුවරුන්ව.”

“මිරිකිලා හරි, එක බත් එක දෙන්නා එක්ක කාලා හරි, අවුරුදු 3කින් උපාධිය ගත්තොත් පෞද්ගලිකව ඔයගොල්ලන්ටත්, රටටත් අපිට විශාල සේවයක් කරන්න පුළුවන්.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top