භාණ්ඩ වර්ග 5ක මිල පහළට

භාණ්ඩ වර්ග 5ක මිල පහළට

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ ලොකු ලූණු, රතු පරිප්පු, ටින් මාළු (දේශීය), මිරිස් සහ හාල්මැස්සන් මිල මෙලෙස අඩුකිරීමට පියවර ගෙන ඇති බවය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම නව මිල සංශෝධනය අද (21) දිනයේ සිට ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව ලොකු ලූණු කිලෝ එකක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 185ක් ලෙසටය.

මේ අතර රතු පරිප්පු කිලෝ එකක මිල රුපියල් 7කින් අඩුකර ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 378ක් ලෙසටය.

ග්‍රෑම් 425ක දේශීය ටින් මාළු මිලද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 480කි.

මේ අතර රුපියල් 15කින් මිරිස් කිලෝ එකක මිල පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1780ක් ලෙස සටහන් වෙයි.

හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 50කින් පහතදැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 1100කි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top