කොල්ලුපිටියේ අනතුර සිදුකළ රියදුරුට දැඩි කොන්දේසි මත ඇප

කොල්ලුපිටියේ අනතුර සිදුකළ රියදුරුට දැඩි කොන්දේසි මත ඇප

කොල්ලුපිටිය ප්‍රදේශයේදි මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථයේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබේ.

සිද්ධියට අදාළ නඩුව ඊයේ (16) යළි කැඳවූ අවස්ථාවේ සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් සහ දැඩි ඇප කොන්දේසි මත මුදාහැරි බව පොලීසිය පැවසුවේය.

සැකකරුට සෑම මසකම අවසන් ඉරිදා දින උදෑසන 09.00ත්  දහවල් 12.00ත් අතර කාලය තුළ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියෝග කර ඇත.

මීට අමතරව නඩුව අවසන් වන තෙක් විදෙස් ගමන් තහනමක් පැනවීමට සහ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළ බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම පොලිස් භාරයේ ඇති සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොල්ලුපිටිය පොලීසියට නියෝග කර ඇති අතර නඩුව යළි ලබන පෙබරවාරි මස 09 වැනිදා කැඳවීමට නියමිතය.

මේ අතර අනතුරින් මියගිය ත්‍රිරෝද රථ රියදුරු‍ගේ දරුවන් තිදෙනාට රුපියල් ලක්ෂ 05 බැගින් රුපියල් ලක්ෂ 15ක මුදලක් සානුකම්පිත දිමනාවක් ලෙස ලබාදීමට මෝටර් රථයේ රියදුරු පියවර ගෙන ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top