මොරොන්තුඩුවේදී ජීවිතයක් බේරාගන්න කිඹුල් කටට අත දැමූ තරුණයා

kubul katata atha

කේබල් භාවිත කර සකස්කර තිබූ ඇමක් ගිළදමා සිටි කිඹුලෙකු බේරාගැනීමට වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශවාසීන් පිරිසක් සමත්ව තිබේ.

කවටයාගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ අතු ඔයක සිටියදී මෙලෙස බේරාගෙන ඇත්තේ අඩි 13ක පමණ දැවැන්ත කිඹුලෙකි.

කිඹුලා ගොඩට ගැනීමෙන් අනතුරුව උදාර සංජීව නමැති තරුණයෙක් ඉදිරිපත්ව කිඹුලාගේ මුව තුළට තම අත දමා කේබල් යොදාගෙන සකස්කර තිබූ ඇම පිටතට ගෙන තිබේ.

එහිදී ආරක්‍ෂිත ලෙස කිඹුලා ලී ආධාරයෙන් බැඳ රැස්ව සිටි පිරිසගේ සහායෙන් ඔහුට එම ඇම කොටස ඉවත්කිරීමට මිනිත්තු 30ක පමණ කාලයක් ගතවී ඇත.

අනතුරුව මෙලෙස බේරාගත් කිඹුලා වනජීවී නිලධාරීන් පැමිණෙන තෙක් අසල පිහිටි කුඩා පොකුණකට දමා තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top