පොලී රහිත ණය අරගෙන ජීවිතය ගොඩයන්න මෙන්න ඔබට අවස්ථාවක්..

පොලී රහිත ණය

මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus, අනාගත නායකයන් සහ පෙරමඟ දකින්නන් වෙත ජාත්‍යන්තර මට්ටමේ දැනුම සමීප කිරීමට කැපවෙමින්, පොලී රහිත ශිෂ්‍ය ණය වැඩසටහන (රජය මඟින් හඳුන්වා දුන්) යටතේ 7 වැනි කණ්ඩායමේ බඳවා ගැනීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, 2019, 2020 සහ 2021 වසරවලදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලත් උපාධි පාඨමාලා Saegis Campus වෙතින් හැදෑරීමේ අවස්ථාව හිමිව ඇත.

මෙය රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනයට විකල්ප අධ්‍යාපන ප්‍රවේශයකි.

මේ හරහා ශ්‍රී ලාංකික දූ පුතුන්ගේ අනාගතයේ සහකරුවෙකු වෙමින් ඔවුන්ට දැනුම සමීප කිරීමටත්, කුතුහලය පිරුණු මනසක් සඳහා දායක වීමටත් Saegis Campus අපේක්ෂා කරන අතර, ලෝකය ජය ගනිමින් තම මවු රටට සේවය කිරීමේ අවස්ථාව අනාගත පරපුරට හිමිකරයි.

මෙම ණය වැඩසටහන යටතේ සිසුන්ට පුළුල් පරාසයක උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උදා වේ.

එනම්, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය, ගිණුම්කරණය සහ මූල්‍යයනය යන අංශවලින් ව්‍යාපාර කළමනාකරණවේදී (ගෞරව) උපාධියක් ද, ව්‍යාපාර පරිපාලනවේදී ප්‍රථම උපාධියක් ද, පරිගණක විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරුවේදය සහ තොරතුරු තාක්ෂණය යන අංශවලින් විද්‍යාවේදී ගෞරව උපාධියක් ද, තොරතුරු තාක්ෂණවේදී උපාධියක් ද හැදෑරීමේ අවස්ථාව පවතී.

මෙම ණය පහසුකම යටතේ සියලුම උපාධි පාඨමාලාවන්ට අදාළව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම්වල පුහුණු අවස්ථා සිසුන්ට ලබා දීමට ද Saegis Campus මඟ පෙන්වයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top