මෙරට ප්‍රබල සමාජ ක්‍රියාකාරි පියත් නිකේෂල (Piyath Nikeshala) රිමාන්ඩ්…

Piyath Nikeshala

හෙට (31) දිනය දක්වා සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අද (30) ඔහු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පරිගනක අපරාද කොට්ටාශය විසින් විඩියෝපට ශාක්ෂි අදිකරනයට ඉදිරිපත් කිරිමට රෑගෙන ඒමට අපොහොසත් වීම මත හෙට දිනයේ එම හඩපට ඉදිරිපත් කරන ලෙස පරිගනක අපරාධ කොට්ටාශයට නියොග කරන ලදි. එලෙසම පියත් නිකෙශල හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඊයේ (29) ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

ඒ අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ශාන් ගනේගොඩ නැමැත්තා පටිගත කළ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ පැවැත් වූ දුරකතන සංවාදයක් පියත් නිකේෂල ඔහුගේ Youtube සමාජ මාධ්‍යයෙහි පලකර තිබීම හේතුවෙන් ය.

අදාළ වීඩියෝවේ ඇති මාතෘකාව නොමඟ යවන සුළු එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top