බිරින්දෑවරු දෙදෙනෙකු සමඟ දිවි ගෙවීමට ගිවිසුමක් ගැහුව ඉන්ජිනේරුවරයා – ගෙවල් දෙකක් ද අරන් දිලා…

pudgalayek viwaha dekak

කාන්තාවන් දෙදෙනෙකු සමග විවාහ වූ ඉංජිනේරුවෙකු ඔවුන් සමග ජීවත් වීමට දින බෙදා ගනිමින්  ගිවිසුමකට එළඹ ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

ඒ අනුව එම ඉන්ජිනේරුවරයා පළමු බිරිඳ සහ අනෙක් කාන්තාව සමඟ සතියකට දින තුනක් බැගින් බෙදා වෙන් කර වෙනම නිවාස දෙකක සාමකාමීව ජීවත් වීමට තීරණය කර ඇත.

එම ගිවිසුමට අනුව හත්වන දිනය ගත කිරීමට ඔහුට තමා කැමති කාන්තාව තෝරා ගැනීමට ද නිදහස පවතින අතර පළමු විවාහය 2018 දී ග්වාලියර් හි කාන්තාවක් සමග සිදු වූ වී ඇත.

කෙසේවෙතත් කොවිඩ් කාල වකවානුවේ ඔහු තම බිරිඳ ඇගේ දෙමාපියන්ගේ නිවස වෙත යවා ඇති අතර නීත්‍යානුකූලව විවාහ වූ බිරිඳ රැගෙන යාමට ඔහු 2020 වන තෙක් ආපසු පැමිණ නොමැත.

ඒ හේතුවෙන් ඇය ඔහු සේවය කරන ඉන්දියාවේ ගුරුග්‍රාම් ප්‍රදේශයේ කාර්යාලයට ගොස් ඇති අතර එහිදී ඇය දැක ඇත්තේ සිය ස්වාමියා වෙනත් කාන්තාවක් සමග විවාහ වී ඇති බව ය.

ඔවුන්ට එම කාලයේ දී ගැහැණු ළමයෙකු ද උපත ලබා ඇති අතර අදාළ විවාහය සම්බන්ධයෙන් පළමු බිරිඳ ඔහු සමග ආරවුල් ඇති කර ගෙන ඇති බව මෙන්ම ඔහුගේ සේවය කරන කාර්යාලය තුළ විරෝධතාවයේ ද නිරත වී ඇත.

අනතුරුව ඇය මෙයට සාධාරණයක් ඉල්ලා ග්වාලියර්හි පවුල් අධිකරණයක් වෙත ඇය ගොස් ඇති අතර එහිදී එම පුද්ගලයා දෙවන කාන්තාව හැර යාම ප්‍රතික්ෂේප කර ඇත.

පසුව ඔහු සිය බිරිඳට මෙන්ම ගුරුග්‍රම්හි අනෙක් කාන්තාවට ද මහල් නිවාසයක් ලබා දී ඇත.ඔවුන්ගේ එකඟතාවයට අනුව ඔහුගේ වැටුපෙන් සමානව බෙදා ගැනීමට එකඟතාව පළ කර ඇත.

කෙසේවෙතත් ඔවුන්ගේ ගිවිසුම සමග ඉදිරියට යාමට තීරණය කළ බව ඔවුන් පවසා ඇත.

(උඩ චායාරුපය මෙයට අදාල දෙයක් නොවෙයි)

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top