රජයට අයවන මුදල් අඩුවෙලා – අලුත්ම හෙළිදරව්ව මෙන්න

rajayata ayawana mudal

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල පොලී අනුපාතික ඉහළ දැමීම හේතුවෙන් ණය ලබා ගැනීමේදී රජයට අයවන මුදල් ප්‍රමාණය අඩු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

ඔහු පවසන්නේ, මේ හේතුවෙන් රජයට අවශ්‍ය මුදල ලබාගැනීම සඳහා විශාල බැඳුම්කර ප්‍රමාණයක් අලෙවි කිරීමට සිදුව ඇති බවය.

අදහස් දක්වමින් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මේ බව කියා සිටියේය.

“භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල පොලී අනුපාතිකය විශාල වශයෙන් ඉහළ දාලා තියෙන්නේ. මේ නිසා රජයට ණය ගැනීමේ දී ලැබෙන මුදල් ප්‍රමාණය අඩු මට්ටමකට එනවා. එහෙම නැත්නම් කිසියම් මුදල් ප්‍රමාණයක් ලබාගැනීම සඳහා ඉහළ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් විකිණීමට සිද්ධවෙනවා. සරලම උදාහරණය තමා 8% පොලී අනුපාතිකය යටතේ රජය රු 100ක භාණ්ඩාගාර බිල්පතක් විකිණුවොත් රජයට රු 92ක් ලැබෙනවා පොලී අනුපාතිකය විදියට. එය මිලදී ගන්න එක්කෙනාට රු 8ක් ලැබෙන්නේ. නමුත් 33% පොලී අනුපාතිකය යටතේ රු 100ක භාණ්ඩාගාර බිල්පතක් විකිණුවොත් රජයට ලැබෙන්නේ රු 67යි. එය මිල දී ගන්න පුද්ගලයාට රු 33ක් ලැබෙනවා. මේ නිසා රජයට අවශ්‍ය ණය ප්‍රමාණය ගැනීම සඳහා විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් එළියට දාන්න සිදුවෙලා තියෙනවා.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රට තුළ නිෂ්පාදනය අඩුවීමේ අවදානමක් ද පවතින බවය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top