මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍ රෝහිතගේ ක්‍රඩිට් කාඩ්පතේ ඩොලර් 400 කට විදලා…

rohitha rajapakshe money

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍ර රෝහිත රාජපක්ෂගේ ණය කාඩ් පතින් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් ඩොලර් 400කට ආසන්න මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නාරාහේන්පිට පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ අද (09) කරුණු වාර්තා කළේය.

පැමිණීලිකරුට අයත් ණය කාඩ් පතින් අවස්ථා හතරක දී ඩොලර් 387ක් එනම් ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ පන්දහසක මුදලක් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් සොරාගෙන ඇතැයි අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා විසිනි.

නො. 117, විජේරාම මාවත කොළඹ 07 ලිපිනයෙහි පදිංචි රෝහිත චන්දන රාජපක්ෂ යන අය විසින් මෙම පැමිණීල්ල නාරාහෙන්පිට පොලීසියට ඉදිරිපත් කර තිබිණී.

 තමන් අංක 184 දූව පාර, බැද්දගාන, කෝට්ටේ ලිපිනයේ නිවසේ සිට ඉකුත් 03 වැනිදා මාතර නිවසට පිටව ගිය බවත්, ඒ අතරතුර තමාට අයත් සම්පත් බැංකුවේ ණය කාඩ් පත වැටී ඇති බවත් පැමිණීලිකරු සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර ඇතැයි නාරාහේන්පිට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙය ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව අධිකරණයට කරුණු වාර්තා කළ පොලීසිය අදාළ බැංකු ගිණුම් වාර්තා කැදවීම සදහා සම්පත් බැංකුවේ මූලස්ථාන කළමණාකරු වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලීමක් කළේය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top