රනිල්ගේ “පුත්තලමේ” රාජ්‍ය ඇමති ආයෙත් බුරුවෙකු වෙයි

රනිල්ගේ “පුත්තලමේ” රාජ්‍ය ඇමති ආයෙත් බුරුවෙකු වෙයි

රනිල් වික්‍රමසිංහ රජයේ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා යනු සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් විහිළුවකට ලක්වන පුද්ගලයෙක් වනවා.

ඔහු ඉතාමත් පහත් පෙළේ අසභ්‍ය වචන යොදාගනිමින් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වන අතර ඒ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවද පෙනෙන්නට නැහැ.

පසුගියදා පැවති වැඩවර්ජනය අතරතුර නාලින්ද ධනරංජන් නැමැති පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුමේ වෙද නලාවක් කරලාගත් ඡායාරූපයක් සමගින් මෙලෙස සටහනක් යොදා තිබුණා.

“ජනතා බදු මුදලින් ඉගෙන ගෙන .. ජනතා සෙවය කිරීමට කැප උන මම.. කිසිම මොහොතක වැඩ වර්ජන සදහා සහභාගී නොවන බව දැනුම් දෙමි.. වැඩ වර්ජන පවතින දින වල නොමිලේම රෝගින් සදහා ප්‍රතිකාර කරනු ලැබේ”

333529796 3506138116339870 1440062212490376974 n copy 482x1024 1

මෙම ඡායාරූපය සහිත ෆේස්බුක් සටහන සනත් නිශාන්ත මහතා තම නිල ෆේස්බුක් ගිණුමේ පලකර තිබුණේ “මිහිපිට දෙවිවරු…” ලෙසයි.

කෙසේවෙතත් නාලින්ද ධනරංජන් යනු වෛද්‍යවරයෙක් නොවන අතර ඔහු ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා.

එය ඔහු සිය ෆේස්බුක් ගිණුමේ නම අසලම සටහන් කර තිබියදී එයවත් තේරුම් ගත නොහැකිව සනත් නිශාන්ත මහතා ඔහුව වැඩවර්ජන අතර සේවය කරන මිහිපිට දෙවියෙකුට සමාන කර තිබීමෙන් ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය පාලනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ බුද්ධි මට්ටම මනාව පැහැදිලි කරවනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top