18 හැවිරිදි බිරිඳව, සැමියා පිරිසක් සමග පැමිණ පැහැරගෙන යයි… (Photos/Video)

bilidawa semiya visin peheragani

මීට මාස කිහිපයකට පෙර විවාහ වූ 18 හැවිරිදි කාන්තාවක් එම විවාහය එපාවී නැවත හලාවත මුනුවන්ගම සිය මව්පියන්ගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේදී විවාහක සැමියා පිරිසක් සමග පැමිණ ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

අදාළ පැහැර ගැනීම 19 වනදා උදෑසන සිදුකර ඇති අතර ඒ සඳහා කාන්තාවගේ විවාහක සැමියා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණ තිබුණි.

අදාළ සිදුවීම CCTV කැමරාවල සටහන්වී ඇත.

මෙම පැහැර ගැනීමට ලක්වු තරුණිය හලාවත ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හදාරමින් සිටියදී උපකාරක පංතිවලට සහභාගීවෙමින් සිටියදී හඳුනා ගත් තරුණයකු සමග මිතුරුකමක් පවත්වා ඇති බවත් ඒ අනුව මව්පියන්ට හොර රහසේ දඹුල්ල ප්‍රදේශයේ එම තරුණයා සමග නිවසට පැන ගොස් තිබු බවත් සඳහන් වෙයි. 

පසුව මෙම තරුණයා සමග විවාහවී ඇති මෙම තරුණිය මාස කිහිපයක් පමණක් එකට දිවිගෙවා ඇති අතර 19 හැවිරිදි සැමියාගේ හිරිහැර ඉවසාගත නොහැකිව කනස්සල්ලෙන් සිටි බව වාර්තා වෙයි.

තමන් පත්වී ඇති තත්ත්වය පිළිබඳව මව්පියන් දැනුවත්කර ඇති ඇය ඔවුන් ලබාදුන් උපදෙස් මත පසුගිය මාර්තු 20 වනදා සැමියා සමග මහනුවර නගරයට පැමිණ සැමියාට සැක නොසිතෙන ලෙස ඔහුව මගහැර මව්පියන් සමග ආපසු හලාවත මුනුවන්ගම නිවසට පැමිණ තිබුණි.

සැමියා ඇතුළු පිරිසක් පැමිණ ඇයව පැහැරගෙන ගොස් ඇත්තේ එසේ සිටියදීය.

එම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී එම තරුණ කාන්තාවගේ මව පමණක් නිවසේ සිට ඇති බව පොලීසිය පැවසීය.

පැහැර ගැනීමට පැමිණි පිරිස හා පැහැර ගත් තරුණ කාන්තාව සොයා හලාවත මුලස්ථාන පොලීසිය මේ වනවිට පරික්ෂණ ආරම්භ කර තිබේ.

23 6442730e59748
23 6442730f2ed4f
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top