මහේෂ්ගේ පිබිදීම ඉවසන්න බැරිව ‘සිහිනයකි රෑ‘ වැඩසටහන නවත්තලා මාව එළියට දැම්මා

sihinayaki ree

ජාතික ජන බලවේගය මිනුවන්ගොඩදී පැවැත්වූ දේශපාලන රැළියකට  ජනප්‍රිය නිවේදක මහේෂ් නිශ්ශංක මහතා එක්වූයේය.
ඔහු මෙසේ පැවසුවේය.

‘සිහිනයකි රෑ වැඩසටහන කිසිදු පදනමක් හේතුවක් නැතිව දේශපාලන උපදෙස් අනුව වර්තමාන කළමණාකරණය මෙම වැඩසටහන නැවැත්තුවා. මහේෂ් නිශ්ශංකගේ පිබිදීම නවත්තන්නයි කළේ. මාව එලියට දාන්න බැරි නිසා එළියට යන්න සුදුසු වාතාවරණයක් හැදුවා.
ජාතික රූපවාහිනිය ජනතාවට අයිති දෙයක්. ඒකෙ තියන මානව සම්පත මීට වඩා හොඳට භාවිත කලානම් රටේ දියුණුවට යොදාගන්න පුළුවන්.
ලෝකෙ පුරා ගිය වැඩසටහන බංකොලොත් සභාපති නැවැත්තුවා.
දැන් අවුරුදු විසි පහකට වඩා ආයතනයේ වැඩ කරලා පළපුරුදු දහනම දෙනෙක් වෙනුවට අලුත්ම ජුන්ඩො දහ නම දෙනෙක් පත් කරලා තියනවා.
මං පැය භාගයයි හිටියෙ එළියට බැහැල ගියා. ගියේ කොහාටද දන්නවද.. මේ අය ගාවට ගියේ.
කිසිම දවසක මම හිතුවේ නෑ  දේශපාලන වේදිකාවක නැඟලා සහෘද ඔබ අමතන්නට අවස්ථාවක් ලැබෙයි කියලා. වෙනත් කලාකරුවෝ වගේ මම මේකට ගොඩ වුණේ  තනතුරු ගන්නවත්, එකවුන්ට් එකට සල්ලී දාගන්නවත් නෙමෙයි. මම නැඟ්ගෙත් මේ විදිහට මම කවද හරි බහින්නෙත් මේ විදියට.‘

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top