රුහුණු සරසවි ගැටුම ගැන වීඩියෝවක් එළියට

ruhunu sarasavi

රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ පසුගියදා ඇතිවු ගැටුමට නේවාසිකාගාර උප ශාලාධිපතිවරයාගේ ප්‍රචණ්ඩ හැසිරීම හේතුවු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්රු වසන්ත මුදලිගේ පවසයි.

ඊට අදාළ විඩියෝ දර්ශන කිහිපයක් ඔහු ඉයේ (02) මාධ්‍යයට නිකුත් කළේය.

රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් පසුගිය 26 වනදා රාත්‍රියේ නේවාසිකාගාර උප ශාලාධිපතිවරයාට පහරදීමක් සිදුකර තිබුණි.

මෙම පහරදීමෙන් පසු රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය වසා දැමුණු අතර එම ගැටුම්කාරී තත්ත්වය උප ශාලාධිපතිවරයාගේ ප්‍රචණ්ඩ හැසිරීම හේතුවෙන් නිර්මාණය වු බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කළේය.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,

“උප ශාලාධිපතිවරයා නේවාසිකාගාරයේ කාමරයකට ඇවිල්ලා ශිෂ්‍යයන්ට බැණ වදිනවා. මේක ගැන ශිෂ්‍යයින් ප්‍රශ්න කළාට පස්සේ පෙබරවාරි 26 වනදා මාළු කපන මන්නයක් අරගෙන ඔහු විශ්වවිද්‍යාල පරිශ්‍රයට එනවා. මේ සිදුවීමත් එක්ක එදින රාත්‍රියේදී නේවාසිකාගාරය ඇතුළේ බහින්බස්වීමක් ඇති වෙනවා. එහිදී තමයි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්නේ.”

මේ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝව ඉහතින් නරඹන්න.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top