කොළඹ තුරඟ තරඟ පිටියේදී සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් එළියට ආ නවතම තොරතුරු…

sisuviyage gathanaya

කොළඹ තුරඟ තරඟ පිටියේදී විශ්වවිද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැක කෙරෙන විශ්වවිද්‍යාල සිසුවාව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අද (17) සවස පොලිස් අත්අඩංගුවට පත්වුණා.  

පොලීසිය සඳහන් කළේ අදාළ ඝාතනයෙන් පසු සැකකාර සිසුවා ද සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති බවට තහවුරු නොකළ තොරතුරු වාර්තා වී ඇති බවයි ඔහුව වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුඳුවත්ත පොලීසියට රැගෙනවිත් තිබෙන අතර කොළඹ තුරඟ තරඟ පිටියේදී ඝාතනය කර සිටි තරුණියකගේ සිරුරක් අද දහවල් සොයාගැනුණු අතර පසුව අනාවරණය වූයේ එම තරුණිය සරසවි සිසුවියක් බවයි.

  24 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් වන ඇය විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිට තිබෙනවා. “විශේෂයෙන්ම මෙම ඝාතනය පිළිබඳව තොරතුරු ලැබීමත් සමග සැකකරුව කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩයම් කිහිපයක්ම කොළඹ ප්‍රදේශයේ යොදවනු ලැබුවා. 

එහි ප්‍රතිඵලයක් වශ‍යෙන් අද දින සවස වනවිට මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා.” “සැකකරු හඳුනාගැනීමත් සමගම ඔහු ගැවසිය හැකියැයි සැකකරන ප්‍රදේශ කිහිපයකටම පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොමු කළා.

 නමුත් මෙම සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තමයි හඳුනා ගත්තේ.”  “ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිට තමයි එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. මෙම ඝාතනය සිදුකිරීමට භාවිතා කරනු ලැබූ ලේ තැවරුණු පිහියක්, ඒ වගේම ලේ තැවරුණු බෑගයක් සොයා ගත්තා.”

 “කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තමයි මෙම සැකකරුව අත්අඩංගුවට ගත්තේ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙක්. වයස අවුරුදු 24ක පමණ අයෙක්.”

  “සැකකරුත් විද්‍යා පීඨයේම තමයි අධ්‍යාපනය ලබන්නේ. මෙම ඝාතනය සිදුකළේ කුමණ කරුණක් නිසාද යන්න තවම අනාවරණයවීමක් නැහැ. නමුත් මෙම ඝාතනය කිරීමෙන් පසුව සැකකරුත් යම්කිසි ආකාරයක සියදිවි නසාගැනීමකට උත්සාහ දරා ඇති බවටත් තොරුතුරු ලැබිල තියෙනවා. නමුත් එය ස්ථිරව කියන්න බැහැ.” “ඒ නිසා තවදුරටත් ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකෙරෙනවා.” 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top