ලොව ධනවත්ම ලැයිස්තුවට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්…

Shah Rukh Khan

World of Statistics හි නවතම දත්තවලට අනුව ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් පත් වී තිබේ. 

ඒ ඩොලර් මිලියන 770ක වත්කම්වලට හිමිකමි කියමිනි.

ඒ අනුව ආසියාවේ ධනවත්ම නළුවා බවට ද ෂාරුක් ඛාන් පත්ව තිබේ.

ෂාරුක් ඛාන් මෙම ලැයිස්තුවේ සිව්වැනි තැනට පත්ව ඇත්තේ සුපිරි හොලිවුඩ් නළුවන් වන ටොම් කෘෘස්, ජැකී චෑන් හා ජෝර්ජ් ක්ලූනි යනාදීන් අභිබවමිනි.

මෙම ලැයිස්තුවේ පළමු තැන, ඩොලර් බිලියනයක වත්කමකට හිමිකම් කියනු ලබන අමෙරිකානු ප්‍රහසන නළුවකු වන Jerry Seinfeld විසින් හිමි කරගෙන ඇති ඇති අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පිළිවෙලින් Tyler Perry හා Dwayne Johnson හෙවත් “The Rock” පත් ව තිබේ. 

Tyler Perry ගේ වත්මක ඩොලර් මිලියන 800 ඉක්මවා ඇති අතර Dwayne Johnson ගේ වත්කම ඩොලර් මිලියන 800 ක් වේ.

මෙම ලැයිස්තුවේ මීළඟට සිටින නළුවන් සහ ඔවුන්ගේ වත්කම් පහත පරිදි වේ.

Tom Cruise: $620 million

Jackie Chan: $520 million

George Clooney: $500 million

Robert De Niro: $500 million

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top