දිල්කි උරේෂාගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් සංසරණය වෙනවා | එදා වුනේ පෞද්ගලික ප්‍රශ්නයක් – Dilki Uresha (PHOTOS)

dilki uresha

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියලා කියන්නේ.  

ඉතින් කාලෙන් කාලෙට අලුත් අලුත් ගීත ගායනා කරමින් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය දැන් ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි ගායන ශිල්පිනියක් වෙලා. කොහොම නමුත් මේ දිනවල ඇයගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් සංසරණය වෙනවා. ඉතින් පහුගිය දවසක නව පරපුරේ ළමා සංගීත කණ්ඩායමක් වන ආශාවරී සංගීත කණ්ඩායමත් සමඟ ගීත ගායනා කිරීමට පැමිණි ඇය ගීත දෙකක් පමණක් ගායනා කරලා මයික්‍රෆෝනය සංගීත කණ්ඩායමේ ඉස්සරහම හිටපු ළමයාගේ අතට දීලා ඇය වේදිකාවෙන් බැහැලා යනවා.  

ඉතින් මේ සිදුවීමෙන් පස්සේ එම ප්‍රසංගය නිවේදනය කල කෙනත් ඇයගේ අහනවා ගීත ගයනා කරලා ඉවරද කියලා. කොහොම නමුත් මේ සිදුවම ගැන ඇයගේ ප්‍රේක්ෂකයින්නම් එතරම් කැමැත්තක් දක්වලා තිබුනේ නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් යම් යම් විවේචන ඇයට එල්ල කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් දිල්කි උරේෂා ෆේස්බුක් ලයිව් ඇවිත් මේ සිද්දිය ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. 

 ‘’මට එදා ආශාවරී සමග ගීත ගායනා කරලා මට තව ප්‍රසංග තුනකටම සහභාගි වෙන්නටත් තිබුණා. ඉතින් මන් සින්දු දෙකයි පුතේ කියන්නේ කියලා පුතෙක්ට කලින්ම කියලා තිබුණා. නමුත් නිවේදක මහතාට මගෙත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඇති කියලයි මම හිතන්නේ. ඉතින් ඒක නිසා මම සින්දු දෙකක් විතරයි කියන්නේ කියපු එක ඔහු වෙනත් විදියකට හයිලයිට් කිවුවේ. ඒ පුංචි පුතාල එක්ක මම සින්දු කියන්න කැමති නැති නිසා වේදිකාවෙන් බැහැලා ආවා වගේ. කොහොම නමුත් විවේචනය කරන කොට ටිකක් හොයලා බලලා ඇත්ත මොකක්ද කියලා දැනගෙන විවේචනය කරන්න කියලයි මම නම් කියන්නේ. කවුරුත් දන්නේ නැති වුනාට මේ සංගීත කණ්ඩායමට මම පෞද්ගලිකව කතාබහ කරලා සුභ පතපු කෙනෙක්. ඒ වගේම ඉදිරියටත් එයාල එක්ක මම වැඩ කරන්නවා. ඒ වගේම මගෙත් එක්ක ඉස්සර ඉදන්ම වැඩ කරපු අය දන්නවා මම මොන වගේ කෙනෙක්ද කියලා. ඒ වගේම එදා මට වේදිකාව යටදී මහලොකුවට ප්‍රශ්නයක් වුණා.  

ඒක නිසා සින්දු දෙක පවා කිව්වේ වේදනාව සහ කඳුළු හිරකරගෙන. කොහොම නමුත් මිනිස්සු වැරදි වැටහීමක ඉඳලා තමයි මේ තරමට මට බනින්නෙ. නමුත් අපි දෙගොල්ල අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. එතැනදි වුනේ පෞද්ගලික ප්‍රශ්නයක්. ඒ වගේම නිවේදනය කරපු කෙනාට මගෙත් එක්ක ප්‍රශ්නයක් තියෙන්න ඇති. නමුත් මමත් පුංචි තැනක ඉඳල ආපු කෙනෙක් නිසා මට මුල අමතක නැහැ’’ කියලයි ඇය පවසලා තිබුනේ.

238620154 1236908523423881 278759350082808039 n
299683412 1478005619314169 8385559888008244930 n
274862586 1366055947175804 8945335280190224154 n
84504883 872027063245364 2266240528821518336 n
120045187 1020264921754910 1925993330958529002 n
161044686 1142024619578939 6171805135767123767 n
265580689 1316231778824888 5657057372171407086 n
294659053 1458107367970661 6875837645817867537 n
294724795 1458302707951127 5996431521422676471 n
321422028 689412422584159 8432491132470417062 n
321950015 541840057976003 15131039955763723 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top