ලොව අංක 1 රට වන ඇමරිකාවත් ණය පැහැර හැරීමේ අවධානමක…

american debt
lg.php?bannerid=0&campaignid=0&zoneid=633&loc=https%3A%2F%2Fnethnews.lk%2Farticle%2F104512&referer=https%3A%2F%2Fnethnews

අමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් ජැනට් එල් යෙලන් එරට කොංග්‍රස් මණ්ඩලයට අනතුරු අගවා තිබෙනවා.

ඒ, ජුනි මස 01 වනදා වන විට රජයේ මුදල් අවසන් විය හැකි බවට පවසමින්.

එම කාලයට පෙර ණය සීමාව ඉහළ නැංවීම හෝ අත්හිටුවීම සිදුනොකල හොත් ජූනි මස මුල වනවිට අමෙරිකානු රජයට සිය වියදම් පියවීමට නොහැකි වනු ඇතැයි භාණ්ඩාගාර ලේකම්වරිය කොංග්‍රස් මණ්ඩලයට දන්වා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

එසේ වුවහොත් අමෙරිකාව ද ණය පැහැර හැරිමකට මුහුණ පානු ඇති.

පවතින මූල්‍ය අර්බුදය හමුවේ රටේ ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් අමෙරිකානු  කථානායක කෙවින් මැකාතිට ධවල මන්දිරයට ආරාධනා කර ඇතැයි සඳහන්.  

එම හමුව මැයි 9 වැනිදා සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කතානායකවරයාට අමතරව අමෙරිකානු ජනාධිපතිවරයා කොංග්‍රස් මණ්ඩලයේ තවත් ප්‍රබලයින් 03 දෙනෙකු ධවල මන්දිරයට කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top