කෘතීම බුද්ධිය මිනිස් මනස අභිබවා යාමේ අවධානමක් – ගෝඩ් ෆාදර් Google සමාගමෙන් ඉවත් වෙයි…

Geoffrey Hinton left google

කෘතීම බුද්ධියේ ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වෙන 75 හැවිරිදි ජෙෆ්රි හින්ටන් ගූගල් සමාගමෙන් ඉවත්වීමට කටයුතු කර තිබෙනවා.

ඉන් නික්ම යමින් ඔහු පවසන්නේ, කෘතීම බුද්ධිය මිනිස් මනස අභිබවා යාමේ අවධානමක් ඇති බවත්, ඔහු සිදුකළ ඇතැම් අත්හදාබැලීම් පිළිබඳව අද වන විට ඔහු කණගාටුවන බවත්ය.

ඔහු අවධාරණය කරන්නේ කෘතීම බුද්ධිය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බැවින් එය මිනිසා අභිබවා යාමක් සිදු නොවන බව ලොව පිළිගත් මතය වුවද නුදුරු අනාගතයේදී එය වෙනස් වීමට හැකි බවයි.

එය එතරම් සුබවාදී දෙයක් නොවන බවද ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

අනාගතයේදී මිනිසුන්ට රැකියා අහිමි කිරීමට පමණක් නොවෙයි තව බොහෝ කාරණා සඳහා කෘතීම බුද්ධියේ වර්ධනය ඉවහල් වන බවටයි ඔහු අනතුරු අඟවන්නේ.   

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top