Tik Tok තහනම් කල නුතනම රට

Tik Tok තහනම් කල නුතනම රට

ජෝර්දානයේ TikTok සමාජ ජාලා මාධ්‍ය යෙදවුම තාවකාලික තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධව ඇති වූ විරෝධතාවලදී පොලිස් නිලධාරියෙකු මිය යාමත් සමග මෙම තීරණයට එළැඹ තිබේ. 

මේ නිසා එරට බලධාරීන් පෙන්වා දී ඇත්තේ, විරෝධතාකරුවන් මෙම TikTok යෙදවුම ප්‍රචණ්ඩත්වය පැතිරවීම සඳහා අවභාවිත කරන බවයි.

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව විරෝධය පළ කරමින් ට්‍රක් රථ රියැදුරන් විරෝධතා පැවැත් වූ අතර,ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ද භාවිතා කළේ ය.

පොලිස් නිලධාරියා මරා දැමූ Maan, සහ Karak යන නගරවල අන්තර්ජාල සේවා ද අඩපණ කර තිබේ. 

මේ අතර, ජෝර්දානයේ රජු මියගිය පොලිස් නිලධාරියාගේ පවුලේ අයට ශෝකය පල කර තිබේ.   

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top