බොලිවුඩයේ නිළි රැජිණ ශ්‍රී දේවිය ගේ අභිරහස් මරණයේ පරීක්ෂණ වාර්තාව…

sridevi

බොලිවුඩයේ පළමු නිළි සුපිරි තරුව නොහොත් බොලිවුඩයේ නිළි අධිරාජිණය අප අතරින් වියෝ වී පෙරේදට වසර පහක්.

ඩුබායි හි පැවති මංගල සාදයකට ගිය ශ්‍රී දේවිය ගේ නිසල සිරුර පෙබරවාරි 23 වනදා රාත්‍රියේ ඇගේ හෝටල් කාමරයේ නාන බේසම තුල තිබී සොයා ගන්නේ ඇගේ සැමියා බොනී කපූර් විසින්.

මේ මරණයේ පරීක්ෂණ භාර වුනේ මේ වන විට විශ්‍රාමිකව සිටින ඒ.සී.පී. වේද් භූශන් හටයි. ඔහු මේ පරීක්ශණ අවසානයේ පැමිණියේ ඉතා පුදුමාකාර වාර්තාවක් සමඟින්.

ඔහුගේ වාර්තාව අනුව මෙය මෙය ස්වාභාවික මරණයක් නොව ස්වභාවික මරණයක් ලෙස පෙන්නුම් කළ මිනී මැරුමක් බව සඳහන් වුනා.

ඔහුගේ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වුනේ මේ මරණය පිළිබඳව පාතාල නායක දාවුද් ඊබ්‍රහීම්ගේ හස්තයක් ඇති බවට සැක පහල වන බවයි.

දාවුද් ඊබ්‍රහීම් ට ඩුබායි රට තුල දැවැන්ත පාතාල ආවරණයක් පවතින බවත් අදාල මරණය සිදුවූ හෝටලයේ හිමිකාරීත්වයද ඊබ්‍රහීම්ගේ බවත් ඔහුගේ වාර්තාවේ ඇතුලත්ව තිබුනා.

කෙසේ නමුත් මෙය “හුස්ම හිරවනතෙක් දියේ ගිලීමෙන්” සිදුවූ ස්වාභාවික මරණයක් බව මරණ පරීක්ශක වාර්තා තුලින් හෙලිවීමත් සමඟම අදාල වාර්තාව ඉවත දැමුනත් වේදි විභූශන් ඇගේ මරණය පිළිබඳව අධිකරණයෙන් නැවත පරීක්ශා කිරීමක් ඉල්ලා සිටියා.

කෙසේ නමුත් ඊබ්‍රහීම්ට ශ්‍රී ව ඝාතනය කරන්නට තරම් සාධාරණ හේතුවක් තිබුනාද..? මෙය කාගේ හෝ කොන්ත්‍රාත්තුවක්ද..?

ශ්‍රී දේවී මරණය ඝාතනයක් බවට සනාථ කළ හැකි සාධාරණ හේතුවක් පිළිබඳව ඉඟි මේ අතරේම පුවත් හරහා පළ වුනා.

ඒ ඇගේ රක්ශණ ගිණුමක් පිළිබඳවයි. ඒ ඕමානයේ ඈ ගිවිසුම් ගත වූ රක්ශණයක්. ඊට ප්‍රාරාකාරව ඇගේ මරණය ඩුබායි හි සිදු වුවහොත් ඉන්දීය රුපියල් කෝටි 240ක් වටිනා රක්ශණ හිමිකම ඇගේ භාරකරුවාට හිමි වන ලෙසයි.

මේ තොරතුර කණ වැකීමත් සමඟ ඊබ්‍රහීම් පසුපස ගිය මාධ්‍ය කාක්කන් ඉන් පසු බොනී පසුපස යන්නට වුනා..

ඩුබායි හි පැවති මේ මංගල උත්සවය වෙනුවෙන් ශ්‍රී, ඛුශී සහ බොනී ඩුබායි බලා එක්ව පිටත්ව ගියත් උත්සවය අවසානයේ පෙබරවාරි 22 වනදා බොනී නැවතත් ලක්නව් බලා හදිසියේ පිටත්ව යන්නේ වැදගත් ‍රාජකාරි හමුවක් වෙනුවෙන්. ඛුශී ද ඔහු සමඟින් ඉන්දියාව බලා පිටත් වනවා.

22 වනදා සිට 23 වනදා දක්වාම ශ්‍රී සිය හෝටලයේ සිටි අතර ඇගේ මිතුරියක් සමඟින් සාප්පු සවාරියකද නිරත වනවා. කෙසේ නමුත් ඛුශිගේ බලවත් ඉල්ලීම පිට බොනී නැවත සවස තුනට වූ ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් වන්නේ ශ්‍රී ව “සප්‍රයිස්” කිරීමේ අරමුණෙන්.

සවස 6:30 ට හෝටලයට යන බොනී හෝටල් කාර්‍යමණ්ඩලයෙන් ඉල්ලාගත් විකල්ප යතුරකින් දොර විවෘත කර කාමරයට පිවිසෙනවා. ඔහුගේ අරමුණ වන්නේ ශ්‍රී සමඟින් රාත්‍රි ආහාරය එලියෙන් ලබාගෙන පොඩි සාප්පු සවාරියක් යාමයි. මේ කථාවේ ඉතිරිය බොනීගෙ වචනයෙන්..

” මම කාමරේට ගිය විට ඈ පුදුම වුනා.. මට කරන්න අවශ්‍ය වුනෙත් ඒක.. නමුත් ඈ යම් තරමකින් මම ඒ යැයි බලාපොරොත්තුවී සිටියාද කියලත් හිතුනා. අපි දෙන්නා කථා කර කර ටිකක් වෙලා හිටියා.. හවස හතයි කාලට පමණ ශ්‍රී රාත්‍රී ආහාරයට එලියට යන්න සූදානම් වෙන්නයි නාන කාමරයට ගියේ.. මම රූපවාහිනී නරඹමින් හිටියා.. ශබ්දය නිසා මට කිසිවක් ඇහුනේ නම් නෑ.. වෙලා අට පමණ වන තුරුත් ඈ එලියට පැමිණියේ නෑ.. රාත්‍රී ආහාරය පමා වන නිසා මම නාන කාමරයේ දොරට කිහිප වරක් තට්ටු කලේ ඇයට එලියට එන ලෙස පවසමින්.. ඇගෙන් පිළිතුරක් නැති වූ තැන මම කලබල වෙලා දොර විවෘත කර නාන කාමරයට යද්දීත් ඈ සම්පූර්ණයෙන්ම නාන බේසමේ ගිලී සිටියා.. පුදුමය නම් වතුර බිංදුවක්වත් බේසමෙන් ඉවතට වැටිලා තිබුනෙ නැති එකයි…. කෙසේ වෙතත් බේසමේ ජල කරාමය ඒ වන තුරුත් විවෘතව තිබුනා…මේ මරණය පුදුමාකාරයි වගේම තවමත් අදහාගන්නට බෑ…” ඔහු හැඬූ කඳුලින් කියා සිටියා..

ඔහුගේමේ කථාවට හෝටල් කාමරයෙන් පිටත වූ CCTV සාක්ශිද එලෙසින්ම තහවුරු වුනත් කාමරය තුල සිදුවූ දේ පිළිබඳව නම් දන්නේ ඔවුන් දෙදෙනාම පමණයි..

මේ හේතුව සහ උක්ත රක්ෂණ ආවරණය කරගනිමින් මේ මරණය බොනී විසින් සිදු කළ එකක් බවට බොහෝ නිල නොවන පුවත් පළ වුනා. කෙසේ නමුත් ශ්‍රී ගේ පවුලේ පිරිස් මෙන්ම ඇගේ දියණිය ඛුශීද මේ චෝදනා පිළිකුලෙන් යුතුව ප්‍රතික්ශේප කළා.

“ඔය රක්ශණාවරණ කථාව සම්පූර්ණ බොරුවක්.. අම්මාට එහෙම රක්ශණයක් තිබ්බෙත් නෑ..මගේ අම්මාගෙ මර්ණය අපි කාටත් වඩා දැනෙන්නෙ තාත්තාට.. මම අත් දෙක එකතු කරලා වැඳලා කියන්නම්… අනේ මේ මරණය අරන් බොරු පුවත් මවලා ජනප්‍රිය වෙන්න හදන්න එපා.. ඒක අපිට දරාගන්න බැරි වෙයි..”

මේ අරුම පුදුම මරණය සහ ගැටළු සහගත සිදුවීම් පදනම් කරගෙන බොහෝ කට කථා ආරංචි සත්‍ය යට කරගෙන ගොඩ ගැසුනත් දැන් ඒ සියල්ල මේ වන විට කාලයේ වැලිතලාවෙන් යටව අවසන්..

තවත් සුවිශේෂී කරුණක් වන්නේ ඇගේ මරණය සිදු වන්නේ ඇගේ තරුණ වියේ හොඳම තරඟකාරියක් වූ මෙවැනිම අරුම පුදුම ලෙස මිය ගිය දිව්‍යා භාරතීගේ උපන්දිනයට එක් දිනක් පෙර වීමයි…!!

කොහොම නමුත් ඇගේ ජීවන වෘතාන්තයට ආසන්න ලෙස නිමැවුනු තවත් වෙබ් වෘතාන්තයක් පසුගිය වසරේ හරියටම පෙබරවාරි 25 වනදා එනම් ඇගේ සිව්වන අනුස්මරණය දා නිකුත් කෙරෙනවා.. ඒ 90 දශකයේ ඇගේ ප්‍රභලම ප්‍රතිවාදිනිය වූ මාධුරීගේ රංගනයෙන් ප්‍රභාමත්ව..

වරක් එක්තරා මාධ්‍යෙවේදියෙක් මාධුරීගෙන් මේ චිත්‍රපටය ගැන මෙසේ විමසනවා..

“මේ චිත්‍රපටය ශ්‍රී දේවි හෝ දිව්‍යා භාරතීගේ ජීවිත කථාවෙන් ආභාශය ලැබූවක්ද?”

මාධුරී දෙන උත්තරේ මෙහෙමයි..

“මේක අපි හැමෝගෙම නොකියූ කථාවයි..”

මාධ්‍ය වේදියා නැවත මෙසේ විමසනවා..

” එහෙනම් මේක ශ්‍රී ගේ මරණය සහ දිව්‍යාගේ උපන්දිනයටම නිකුත් කරන්නෙ ඇයි..?”

මාධුරී නිහඬව එතැනින් නැඟිට යනවා. …

හරිම ගුප්ත සිදුවීම් මාලාවක් එක්ක මේ අකල් මරණය සිදු ව අදට වසර පහක්..!!

ඇගේ මරණයේ පාඩුව ඇගේ පවුලට මෙන්ම ඇගේ රසික රසිකාවියන්ටත් අදටත් නොපිරවිය හැකි පඩුවක්.. බොලිවුඩය අදටත් ඇගේ වියෝවෙන් විස්සෝප වනවා…

බොලිවුඩයේ “චාන්ද්නී” නොහොත් සඳවතිය රාහු ගිල දැම්මාද අහසින් ගිලිහී ගියාද කියන්නට දන්නෙ සඳවතියම පමණකි. නමුත් ඈගේ වියෝවෙන් අඳුරු වූ බොලිවුඩයට ආලෝකය ගෙනෙන්නෙට සමත් නිළියක් බිහි වනු ඇතයි අදටත් සිතන්නටද නොහැකිය…!!

Janhvi Kapoor with Sridevi Instagram 770x435 1
Sridevi along with her husband Boney Kapoor resources1 16a4a167b01 medium
janhvi sridevi 6 1656590956487 1656590962350
Sridevi biogrpahy 620
Sridevi 2014
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top