ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිංහල ගීතයක් රැව් දෙයි…(Video)

london westminster abbey

පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ  පැවති   වාර්ෂික දේව මෙහෙයේදී ශ්‍රී ලංකා සම්භවයක් සහිත කලාකරුවන් දෙදෙනෙක් සිංහල ගීතයක් ඉදිරිපත් කළහ.

වායෝ සංගීත කණ්ඩායමේ “අනාගතයේ” ගීතය රොෂානි ඇබී සහ නුවන් පෙරේරා විසින් වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේ පැවති දේව මෙහෙයේදී මෙසේ ඉදිරිපත් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍ය අතර පවතින දීර්ඝ කාලීන සබඳතාවය සහ ශ්‍රී ලංකාවේ 75වෙනි නිදහස් සැමරුම සනිටුහන් කිරීම සඳහා කලාකරුවන් දෙදෙනා මෙම ගීතය ඉදිරිපත් කර තිබේ.

දේව මෙහෙයට තෙවැනි චාල්ස් රජු සහ කැමිලා බිසවද සහභාගී වී ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය දින පණිවිඩය තෙවැනි චාල්ස් රජු දේව මෙහෙයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය.

image ab47cb0ec9

ශනුක වික්‍රමසින්හත් එම ගීතය පිලිබදව Facebook ඔස්සේ මෙසේ අදහස් දක්වා තිබුනා.

පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ 🇱🇰

මා විසින් තනුව නිර්මාණය කරන ලද, මාත් මගේ පියාත් එක්ව පද රචනය කළ, වායෝ සංගීත කණ්ඩායම ගයන “අනාගතයේ” ගීතය එංගලන්තයේ රාජකීය පවුල ඉදිරිපිට සජීවීව ගයන රොශානි සහ නුවන් හට මාගේ හර්දයාංගම ස්තූතිය පුදකරමි.❤️🙏

හිතට දැනෙන සතුට කියා නිමකළ නොහැකි තරම්ය..

Thank you Roshani Abbey, Nuwan Hugh Perera & Sacha Spence for choosing one of my compositions “Anagathaye”, to represent Sri Lanka at the Service of celebration for commonwealth day, in the presence of senior members of the Royal Family.

Love this beautiful rendition of this song. Thank you for making Sri Lanka proud.❤️🎶

Lyrics – Sanuka & Sangeeth Wickramasinghe

Melody – Sanuka Wickramasinghe

Original Artiste – WAYO

tydjtyuj

Video-

මෙම විඩියොව ඉහතින් නෑරබිය නොහෑකිනම් මෙය උඩ ක්ලික් කර Facebook විඩියොව වෙන පිවිසෙන්න.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top