T20 ලෝක කුසලානයේදී මහේල  ශ්‍රී ලංකා කණ්ඩායමට..!

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයට තවමත් සුදුසුකම් ලබා නොමැති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිහාසයේ පළමු වරට T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩා කිරීමටට සිදුව තිබීම විශේෂත්වයක්.

ලෝක කුසලානයේ සුපිරි 12 වටයට මේ වන විටත් රටවල් 08 ක් සුදුසුකම් ලබා ඇති අතර, තවත් රටවල් හතරක් සුදුසුකම් ලැබීමේ වටයෙන් ලෝක කුසලානයට ප්‍රවිශ්ඨ වීමට නියමිතයි.

ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන සුදුසුකම් ලැබීමේ වටය එළඹෙන ඔක්තෝබර් 16 වනදා සිට ආරම්භ වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාව නැමීබියාව, අයර්ලන්තය හා නෙදර්ලන්තය සමග ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම සුදුසුකම් ලැබීමේ තරග සදහා උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන මහතාගේ සහයෝගය ලබාගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර සිටියා. මේ වනවිට ලොව පුරා ප්‍රබල ඉල්ලීමක් සහිත පුහුණුකරුවකු වන මහේල ඉන්දීය ප්‍රීමියර් ලිගයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඇතුලු කණ්ඩායම් කිහිපයකම පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂඥ පුහුණු උපදේශකවරයෙකු ලෙස මහේල ජයවර්ධන එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය , එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේ බව කියාසිටියේ අද පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම 2 වනදා දිවයිනෙන් පිටත්ව යන අතර මහේල ජයවර්ධන 6 වනදා ඔස්ට්‍රේලියායෙව්දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇති බවයි ඔහු කියාසිටියේ.

එතැන් සිට තරගාවලියේ අවසානය දක්වා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටිනු ඇති.

මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු ලෙස සැලකෙන ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට මහනුවරදී පැවැත්වෙන පුහුණු සැසිවාරයේදී සහයෝගය ලබාදීමට එකගවී ඇති බව මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණීමට හේතුවක් ලෙසට මහේල ජයවර්ධන පෙන්වා දිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top