පරිසර විනාසය – රටේ වනගහනය සියයට 16කට අඩුවෙයි

forest distroy


2021 වසර මෙන්ම 2022 වසරේත් ශ්‍රී ලංකාව පුරා දැවැන්ත පරිසර විනාශයන් රැසක් සිදුව ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය අනාවරණ කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ 1882 වසරේ සියයට 83 තිබූ මෙරට වනාන්තර ප්‍රතිශතය මේ වන විට සියයට 16 දක්වා අඩු වී ඇති බවයි.

එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර හතරවැනි ස්ථානයට පැමිණ තිබෙනවා.

2021 වසරේ සිදු වු දැවැන්ත පාරිසරික විනාශය අනුව දිනකට අක්කර 65 බැගින් වනාන්තර විනාශ වූ බවයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සිදු කළ ගවේෂණයකදී හෙළි වී ඇත්තේ.

ග්ලෝබල් ෆොරස්ට් වොච් සංවිධානයේ දත්තවලට අනුව 2002න් පසු මේ දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික වනාන්තර සියයට 5යි දශම 3ක් විනාශ වී තිබෙනවා. 


මෙවන් පසුබිමක ශ්‍රී ලංකාව තුළ ද දේශගුණික විපර්යාස හේතුවෙන් විශාල වෙනස්කම් ගණනාවක් 2022 වසර තුළ සිදු වූ බවයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසන්නේ.

ඒ අනුව දෙසැම්බර් මස 25, 26 දින වල මහනුවර යට කළ විශාල ගංවතුර, අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, හම්බන්තොට ආදී ප්‍රදේශවල ඇතිවූ දරුණු වියලි ස්වභාවයද ඊට උදාහරණ ලෙස පෙන්වා දී තිබෙනවා. 

සෑම වසරකම මෙන්ම ස්වභාවිකව හට ගන්නා පලතුරු වල ප්‍රමාණාත්මක අඩුවීමක් මේ වසරේ ද දක්නට ලැබුණු බවයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසන්නේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් ඵලදාව හට ගැනීමට පෙරම පලතුරු ගස් වල මල් බිම වැටීම ඊට හේතු වී තිබෙනවා.  

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top