එල්. එන්. ජී ටෙන්ඩරය අස්සේ : පාඩුව කෝටි 2500 පනී

vidulibala mandalaya

ලංවිම ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු

ස්වභාවික ද්‍රව වායු (එල්. එන්. ජී.) විදුලි බලාගාර ඉදිකිරීමට පෙර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරය මාස හයක් තිස්සේ විදුලිබල අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් නොකිරීම නිසා දැනට සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි 2500ක් යැයි ලංවිම ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා දිවයිනට පැවසීය.

මෙම එල්. එන්. ජී. බලාගාර ඉදිකිරීම පමා කරන සෑම වසරකදීම රටට සිදුවන පාඩුව රුපියල් කෝටි 5000 (බිලියන 50) යැයි ගණනය කර තිබෙන බවද ඒ මහතා කීය.

සාම්පූර් ගල්අඟුරු බලාගාරය ඉදිකිරීමට ඉඩ නොදුන් අය විදුලි අර්බුදයක් නිර්මාණය වන්නට ඉඩහැර හදිසි මිලදී ගැනීම් යටතේ විදුලි ඒකකයක් රුපියල් 120 ක් වැනි මිලකට පුද්ගලික බලාගාරවලින් මිලදී ගන්නා බවද ඒ මහතා පැවසීය.

එනිසා වත්මන් විදුලි අර්බුදයට ගතහැකි එකම විසඳුම වී තිබෙන්නේ දිනකට පැය කිහිපයක් විදුලිය කපාහැර ඩීසල් බලාගාරවලින් අධික මිලට විදුලිය මිලදී නොගෙන හැකි ඉක්මණින් එල්. එන්. ජී. බලාගාර හා අනෙකුත් යෝජිත බලාගාර ඉදිකිරීම පමණකැයි ද ඒ මහතා කීය.

විදුලිබල අමාත්‍යාංශයේ, විදුලිබල මණ්ඩලයේ ඉතා සුළු පිරිසක් හා ඇතැම් දේශපාලඥයන් එක්ව විදුලි අර්බුදයකට රට තල්ලු කර ඇත්තේ වෙන කිසිවකට නොව එමගින් ජාවාරම් කිරීම සඳහා යැයිද ඒ මහතා තවදුරටත් පැවසීය.

ශිරාන් රණසිංහ

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top