උතුරු කොරියාවට කොරොනා වසන්ගතය බෝ කලේ දකුනු කොරියාව – කිම් ජොන් උන්… South Korea spread the Corona virus to North Korea – Kim Jong Un…

Post 04b 1

උතුරු කොරියානු හමුදාව විසින් උතුරු කොරියාවේ කොරොනා වෛරසය ආරම්භය පිලිබද සිදු කල පුලුල් විමර්ශනයකින් පසු කිම් ජොන් උන් මෙසේ චොදනා නගයි. උතුරු කොරියාවට කොරොනා වසන්ගතය බෝ කලේ දකුනු කොරියාව යයි ඔහු තරයේම කියා සිටියි.

2020 වර්ශයේදි කොරොනා වෛරසය වියාප්ත වනවාත් සමගම චීනය සමග සහ තම දේශසීමා වසා දෑමීමට උතුරු කොරියාව කටයුතු කලේය. ඒ කොරොනා වෛරසය තම රටට ඈතුලු වීම වලක්වා ගෑනිමටය. එය 2022 අප්‍රේල් මාසය වන තෙක් සාර්තක විය. නමුත් පසුගිය අප්‍රේල් මස එරටින් ඔමික්‍රොන් වෛරසය වාර්තා විය.

පලමුවෙන්ම උන රෝගය වාර්තා වු උතුරු කොරියාවේ ක්වන්ග්වොන්ග් පලාතේ කුමන්ග් නම් ප්‍රදේශයේ නගරකිනි. නගරය පිහිටියේ දකුනු කොරියා දේශසීමාවට ආසන්නයේය. පලමුව රෝගී වී ඈත්තේ 20 හෑවිරිදි හමුදා සොල්දාදුවෙක් සහා පෙරපාසල් ලමුන් පිරිසකි. ඊට පසුව රෝගින් ලක්ෂ ගනණක් සහ මරණද වාර්තා විය. සෞඛ්‍ය බලධාරින් එහි සුලමුල සොයා පර්යේශන කරනවිට අවබොධ වී ඈත්තේ උතුරු කොරියානු රොගින්ට මෙය වෑලදී ඈත්තේ දකුනු කොරියාව විසින් දේශසීමාවට විසික් කර තිබූ අපවිත්‍ර දේවල් වලින් බවය.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චොදනා නගන්නේ දකුනු කොරියාව හිතා මතාම උතුරු කොරියාවට මෙම වසන්ගතය පෑතිරවීමේ අරමුණින් මෙම අපවිත්‍ර ද්‍රව්ය ගෙනත් දමා ඈති බවයි. මේ සම්බන්දව දකුනු කොරියාව මෙ වන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නෑත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top