කිලෝග්‍රෑම් පනහක යූරියා පොහොර මිටියක් ගොවීන්ට නොමිලේ දෙනවා – මහින්ද

rgrdhrdsh

කුඹුරේ වපසරිය අක්කරයකට අඩු ගොවීන්ට කිලෝග්‍රෑම් පනහක යූරියා පොහොර මිටියක් බැගින් නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා…

එමෙන්ම සෑම ගොවියෙකුටම අවශ්‍ය ටී.එස්.පී. පොහොර ප්‍රමාණය නොමිලේ ලබාදීමට ද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එකඟත්වය පළ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එලෙස ලබාදීමට අපේක්ෂිත ගොවීන් සංඛ්‍යාව 375,000 ක්.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙරට ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර සහ ත්‍රිත්ව සුපිරි පොහොර නොමිලේ ලබාදීමට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදුකෙරුණා.

එම ගිවිසුම් අනුව මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර සහ ත්‍රිත්ව සුපිරි පොහොර ලබාදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 55 ක මුදලක් ලබාදීමටයි එකඟත්වය පළ කර ඇත්තේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top