ගලබොඩ ඇල්ල =යන මාර්ගය සහ guidelines \ එක දවසින් නිදහස විද එන්න පුලුවන් ගමනක්

ගලබොඩ ඇල්ල =යන මාර්ගය සහ guidelines \ එක දවසින් නිදහස විද එන්න පුලුවන් ගමනක්.

ගලබොඩ ඇල්ල මධ්‍යම කදුකරයේ පිහිටි තවත් එක් සුන්දර දිය ඇල්ලකි. වටවල ප්‍රදේශය ආශ්‍රිතව හටගන්නා වූ කෙන්දෝ ගග මූලාශ්‍රය කරගනිමින් මෙම ඇල්ල නිර්මාණය වී ඈත. මෙහි ජලය නාවලපිටිය ප්‍රදේශයේදී මහවැලි ගග හා එක්වේ. ලංකාවේ තිබෙන දිය ඇලි අතරින් පළලින් වැඩිම දිය ඈල්ලක්ද වේ..

backgrund pic

කොලබ සිට යන කෙනෙකුටනම් උදේ 5.55 බදුල්ලට යන පොඩි මැණිකේ දුම්රියේ යා හෑකිය. එම දුම්රිය උදේ 8.50 ට පමණ මහනුවරින් පිටත් වේ. එම දුම්රිය ගල්බොඩ ස්ටේෂන් එකෙන් 10.30 විතර වෙද්දී බහින්න පුළුවන්. දුම්රියේ 3rd class ටිකට් එකක් 400 වගේ වෙන්නේ කොලබින්. පැය 4ත් 5ත් අතර කාලයක් ට්‍රෙන් එකේ යන්න වෙනවා.

ගල්බොඩ ස්ටේෂන් එකෙන් බැහැලා පයින් යන්න තියෙනවා දිය ඇල්ලට විනාඩි 30ක වගේ දුරක් දිය ඇල්ලට යන පාර නම් ගොඩක් ලස්සනයි. උදේ කොච්චියෙ ආවනම් පයින් යන වෙලාවත් එක්ක උදේ 11 වෙද්දි ඈල්ල ගාවට සේන්දු වෙන්න පුලුවන්…

ආයෙත් ගල්බොඩ ඉදන් හවස 2.30 සහ 4.10 ට කොච්චි 2ක් තියෙනවා කොලබට ගොඩක් රැ වෙන්න කලින් ගෙදර එන්න ඕනේ නම් 2.28 එකේ අවොත් කොලබ කොටුවට රැ 7.30 වගේ වෙද්දී එන්න පුළුවන් සහ එක දවසින් නිදහස විදල එන්න පුලුවන් ගමනක්…

අපිට දිය ඇල්ල ලග පැය තුනක් වගේ කාලයක් තියෙනවා නාන්න , ඔක්කොම කරගන්න, ඒ වගේම ඇදුම් මාරු කරගන්න තැන් තියෙනවා ගැහැණු 👩‍🦰 පිරිමි 👨‍🦰 දෙගොල්ලටම ඒ පහසුකම් තියනවා. පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාව මගින් ප්‍රවේශපත් නිකුත් කරනු ලබයි. දේශීය වැඩිහිටි රු.50/=ක්ද , දේශීය ළමා රු.20/= හා විදේශීය ළමා/වැඩිහිටි රු.200/= ක්ද වේ. යන මාර්ගය පෙන්වන පුවරු, , අනතුරු ඇගවීමේ පුවරු , අතරමග අසුන් ගැනීමට ආසන , නැරඹුම් මැදිරි දෙකක් ආදිය ප්‍රාදේශීය සභාව විසින් සකසා තිබේ.

trail sri lanka kandy galboda falls trail at map 65192151 1642821760 414x200 2 1

🌎 සැ.යූ:

01. ටිකට්ස් බුක් කරලා යන්න බලන්න එන්න සහ යන්න දෙකටම නැත්තම් හිටගෙන යන්න , එන්න වෙන්නේ. දෑන් සෙනග වෑඩී මොකද බස් ගාස්තු වැඩි නිසා හැමෝම යන්නේ ට්‍රෙන් එකේ.

02. කෑම බිම මෙහෙ ඉදන්ම අරන් යන්න වෙයි ගල්බොඩ කඩවල් මුකුත් නැහැ.

03.ගල්බොඩ දිය ඇල්ල ලග වැල් පාලමක් තියෙනවා ඒක උඩ ගිහින් නටන්න එපා පාලම දෙපැත්තට පද්දන්න එපා. පාලම ගොඩක් අබලම් තත්වයේ තියෙන්නේ…

04. දිය නෑම ප්‍රවේශමෙන් ආරක්ෂිත ස්ථානයක පමණක් කළ යුතුවේ. ගැඹුරු වලවල් තිබේ.

05. ලිස්සන සුලුවේ. දිය ඇල්ල මුදුනට නැගීම අනතුරු දායක ක්‍රියාවකි.

06. පානීය ජල මූලාශ්‍රයකි. පරිසරය අපවිත්‍ර කිරීමෙන් වැලකීම යුතුකමකි.

07.මෙම දිය ඇල්ලට ඉහලින් පිහිටි කුඩා විදුලි බලාගාරයේ හිටි හැටියේම නතර උනොත් ක්ශනිකව ජලපහර වැඩිවෙනවා. පරිස්සමින් සුන්දරත්වය නරබා පෑමිනෙන්න කියන උපදෙස තමයි දෙන්න තියෙන්නෙ..

08. මෙහි ගිලී සහ සෑඩ පහරට හසුවී ජීවිත විශාල ප්‍රමානයක් අහිමිවී තිබෙනබව මතකතබා ගන්න..

චායාරූප අන්තර්ජාලයෙන්…. 🙏😘

7859cf735626883e50326f2a165f0cdc
41705537 277589046417172 2684401070200848384 n
308763046 639247564496489 2013145830717586771 n
309035202 639246824496563 5323411292842679067 n 1
309052019 639247711163141 5154222521938609381 n
309055045 639247857829793 7943856904140246138 n
309089791 639247624496483 7047814716583533216 n
309093827 639247101163202 7058053312719976840 n
309106266 639246971163215 7511391280932165685 n
309190753 639247637829815 1576276452314008454 n
309198625 639247261163186 2807207019383756259 n
309268719 639247554496490 5474831695270417711 n
309445753 639248017829777 890814176726698187 n
309500945 639247341163178 4172134356937541961 n
309556010 639247301163182 2475888820312577567 n
Eeg3tG4UcAEaEK3
EM3Ygn4XsAEzmJM
galboda waterfall nawalapitiya4
galboda waterfall nawalapitiya18
gkq85xppwpv71
IMG 1322
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top