ඉස්සර මම ලැජ්ජාව නිසා පැත්තකටම වෙලා හිටපු කෙල්ලෙක්, මගේ තාත්තා වගේ මට ආදරේ කරන කෙනෙක් තමයි මට ඕන- Shenaya Vanhoff (PHOTOS)

Shenaya Vanhoff

ක්‍රීම් ක්‍රැකර් දැන්වීමෙන් කළා ක්ෂේත්‍රයට එකතුවුණු, ඊට පස්සෙ හිතළඟ හිනැහුණාහි ටෙලිනාට්‍යයේ කිරුළිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි ෂෙනායා වැනෝෆ් (Shenaya Vanhoff ) කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය චරිත වලින් පේන තරම් ඇත්තටම දඟකාර නැහැ කියලයි ඇය කියන්නේ. ඒ චරිත වගේ පිස්සු වැඩ කරන්නේ නැහැ කියලත් ඇය කියනවා. හැබැයි ඇයගේ වයසට ගැළපෙන දඟකාර සැහැල්ලු වැඩ නම් ඇයගේ ළඟත් තියෙනවා කියලයි ෂෙනායා නම් කියන්නේ.

මොකද ජීවිතේ ගැන ඇය හැම වෙලාවෙම ටිකක් විතර සීරියස් සිතන්න උත්සාහ කරන නිසා. ඉතින් එහෙම වුණා කියලා ඇයගේ තියෙන සරල සැහැල්ලු බව නැතිකරගන්න කැමති නැහැ කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය ඉස්කෝලෙදි කිසිම දේකට ඉදිරිපත් වෙන්න බයෙන් ලැජ්ජාවෙන් පැත්තකට වෙලා හිටිය නිහඬ ගැහැනු ළමයෙක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම පාසල් යන කාලේ කොහොමවත් ඇයට කලාවට එන්න ලැබෙයි කියලා නම් ඇය හිතුවේ නැහැලු.

ඒත් එක්කම ජනප්‍රිය කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියන එකත් ඇයටම හීනයක් වෙලා තිබුණා කියලත් ෂෙනායා කියනවා. ඉතින් ඉස්කෝලෙදි වැඩිපුරම ක්‍රීඩා පිටියේ හිටියත් අවසානයේ වෙළෙඳ දැන්වීමක් නිසා ඇයගේ මුළු අනාගතයම ඇයටත් හිතාගන්න බැරි විදිහට වෙනස් වුණා කියලයි ඇය කියන්නේ. 

  ඒ වගේම ඇයගේ තාත්තා වගේ ඇයව බලාගන්නා ආරක්ෂා කරන කෙනෙක්ට තමයිලු ඇය ආදරේ කරන්න කැමති. ඉතින් ඇයට පුළුවන් තරම් කාලයක් ඇය රංගන කටයුතුවල යෙදෙන්න බලාපොරොත්තු වෙන නිසා කවදා හරි ඇය විවාහ වෙන කෙනා ඇය රඟපානවාට අකමැති වුණොත් ඇය රඟපෑමට සමුදෙනවා කියලයි ෂෙනායා අවසාන වශයෙන් පවසලා තිබුනේ.

297127173 140765995305171 2032948412118797154 n
316288158 155053623899348 346596914819385138 n
321276167 949600082679392 3837299231951949164 n
322013147 476795277741214 2105504313494414983 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top