තමන්ගේම ව්‍යාපාරයක් නිසා පාර අයිනේ බර්ගර් විකුණන්න අපිටනම් ලැජ්ජාවක් නැහැ, මොකද හොර වැඩක් නෙමෙයිනේ- Ishara Athukorala (PHOTOS)

Ishara Athukorala 1

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි Ishara Athukorala කියන්නේ.

ඒ වගේම ඇය මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ සචිනිගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒත් එක්කම ඇය ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ආනන්ද අතුකෝරළගෙ ආදරණීය දියණිය බවත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ ආදරණීය තාත්තයි දුවයි එකතුවෙලා රංගන කටයුතුවලට අමතරව අම්මාවත් එකතුකරගෙන පටන්ගත්ත ව්‍යාපාරයට මේ දිනවල සමාජ මාධ්‍යවල පවා බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඉතින් මේ ගැන අලුත්ම තොරතුරු අහලා දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් බිස්නස් එක තිබුණට වඩා දැන් නම් ටිකක් සරුයි කියලයි ඉෂාරා කියන්නේ. ඒ වගේම ආහාර ගන්න වගේම එයාලව බලන්නත් විවිධ පළාත්වලින් පවුල් පිටින් සෙනග එනවා කියලත් ඇය කියනවා. ඉතින් එහෙම ඇවිත් ෆොටෝ ගන්න එක ඇයගේ තාත්තට නම් අලුත් දේවල් නොවුණත් ඇයට තාම අලුත් කියලයි ඉෂාරා නම් කියන්නේ. ඒ වගේම මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න මුලින්ම ඇයට තමයි අදහස ඇවිත් න්තින්නේ. 

මොකද ඇයගේ අම්ම උයන කෑම ගොඩක් රස නිසා. ඒ වගේම ඒකත් එක්ක Street Food කියන සංකල්පයක් දැන් තියෙන නිසා ඒකට සමගාමීව දෙයක් පටන්ගන්න ඕන කියල තමයිලු ඇය කල්පනා කළේ. ඒ වගේම එක ශාඛාවක් අතුරුගිරියෙ තමයි ඔවුන් ආරම්භ කරලා තියෙන්නේ. අනෙක් ශාඛාව තියෙන්නෙ මාළඹේ. ඉතින් සවස 3. 00 පටන් රාත්‍රි 8.30 පමණ වන තුරු අපි විවෘතව තබනවා කියලත් ඇය කියනවා.

ඒත් එක්කම ඔවුන් ළඟ දැනට බර්ගර් සබ්මැරීන් හොට් ඩොග් වගේ කෑම තමයිලු තියන්නෙ. ඒ වගේම මේ කෑම හැම එකක්ම හැදෙන්නෙ ඇයගේ අම්මගෙ අතින් සහ ඔවුන් සමඟ වැඩ කරන අනෙක් පස් දෙනාගෙ අතින් කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් බර්ගර් ශොප් එකේ බර්ගර් සහ සබ්මැරීන් ඇයත් හදනවාලු. ඒ වගේම ඔවුන් මේ ව්‍යාපාරයට නම තියලා තියෙන්නේ ‘ආනා ඊට්ස්’ කියලා.

ඉතින් ඇයගේ තාත්තගෙ නම ආනන්ද නිසා ගොඩක් යාළුවො ඔහුට කතා කරන්නෙ ආනා කියලාලු. ඉතින් ඒ කෙටි නම තමයිලු ඔවුන් මේ ව්‍යාපාරයට යොදා ගත්තෙ. ඒ වගේම තමන්ගෙම ව්‍යාපාරයක් කරන්න ඒක පාර අයිනෙද කොහේද කියන එක ගැන ලජ්ජා වෙන්න ඕන නැහැ කියලයි ඉෂාරා නම් කියන්නේ. ඉතින් වැරදි දෙයක් හෝ අසාධාරණ දෙයක් කරනවා නම් එහෙම කරලා සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන බව අනෙක් අයට පෙන්නන්න හදනව නම් අපි ඒකට තමයි ලජ්ජා වෙන්න ඕන කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

149794641 3578609122208619 156022247407350201 n
313406783 5426755674060612 2554450290988029571 n
295991203 5155949241141258 5404135219421651311 n
254801236 4352977754771748 3493194274536528599 n
274464776 4742035475865972 534942419279033856 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top