ටිකට් පත් නොමැති අයගෙන් පැය 03 කදී දුම්රියට තුන්ලක්ෂ 78,000 ක ආදායමක්

ටිකට් පත් නොමැති අයගෙන් පැය 03 කදී දුම්රියට තුන්ලක්ෂ 78,000 ක ආදායමක්


කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ උදෑසන 06 යි 30 සිට උදෑසන 10 දක්වා සිදුකෙරුණු විශේෂ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකදී වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන්කළ 124 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම විශේෂ පරීක්ෂාව සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂකයින් සහ කොටුව දුම්රියපලේ කාර්යය මණ්ඩලය එක්ව සිදුකළ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ වී එස් පොල්වත්තගේ පැවසුවේ.

එහිදී අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 78 දෙනෙකු එම අවස්ථාවේදීම අදාළ දඩ මුදල් ගෙවා තිබෙනවා.

ඔවුන්ගෙන් දඩ ලෙස අයකර ගෙන ඇති මුදල රුපියල් දෙලක්ෂ 38,770 ක්. අනෙක් පුද්ගලයින් 46 දෙනා ඇපමත මුදාහැර ඇති අතර ඔවුන්ගෙන් අයකර ගැනීමට නියමිත දඩ මුදල රුපියල් එක්ලක්ෂ 39,840 ක් වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව ටිකට්පත් නොමැතිව අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් 124 දෙනාගෙන් අයකෙරෙන සමස්ථ දඩ මුදල රුපියල් තුන්ලක්ෂ 78,610 ක් වනවා. 

Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM

Ceylebrity English News And Articles- Ceylebrity News

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top