දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් අවශ්‍ය නෑ..! – ලාල්කාන්ත

images 2

දියුණු සංස්කෘතික මිනිසාට අවශ්‍ය කරන්නේ දියුණු ආර්ථිකයක් බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසනවා.

එවැනි ආර්ථිකයක් මිස දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් දියුණු සංස්කෘතික මිනිසාට අවශ්‍ය නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ. ඩී. ලාල්කාන්ත,

“ගිරව්, කාක්කෝ වගේ තවත් ගොඩක් සත්තු රෑ වෙනකොට කූඩු වලට යනවා. වවුල්ලු සහ තවත් ගොඩක් සත්තු රෑට තමයි වැඩ පටන් ගන්නේ. සොභාදහම එහෙමයි.

මිනිසා කියන්නේ සංස්කෘතික සංස්කෘතික සත්වයෙක්. ඒ සංස්කෘතික සත්වයා සොභාදහමෙන් නොලැබුණු දේවල් තමන් විසින් නිර්මාණය කරගන්නවා. මිනිස්සුන්ට පුළුවන් රෑ, දවල් නොසළකා තමන්ගෙ උවමනාවන් වෙනුවෙන් වැඩකරන්න.
අපි දන්නවා හෙද සේවාවට රෑක් දවාලක් නැහැ. වෛද්‍ය සේවයට රෑ දහවල් කියලා වෙනසක් නැහැ. අනෙකුත් කිසිම කටයුත්තකටත් රැයක් දවාලක් ඕනකමක් නෑ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඕන කරන්නෙ මොකක්ද; ඇත්තටම නොනිදන නගරයක්. එක අපේ දියුණුවට ඕන කරන දෙයක්. ඒ නොනිදන නගරයට දවල්ට තියෙන හැම දේම රෑටත් දඹුල්ලට ඕන.

දිවුණු මිනිසාට රෑ දවල් අදාළම නැහැ. සංස්කෘතික මිනිස්සු විදිහට අපිට ඕන කරන්නෙ දියුණු ආර්ථිකයක්. ඒ මිසක් රෑ දවල් කියලා බෙදපු ආර්ථිකයක් නෙමෙයි. දවල් ආර්ථිකයක් හරි රෑ ආර්ථිකයක් හරි නෙමෙයි”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top