දුම්වැටි සහ මධ්‍යසාර සඳහා නව බදු….

badhu

දුම්වැටි සහ මධ්‍යසාර සඳහා නව බදු හඳුන්වා දීම සඳහා කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද 20 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා , එමගින් මෙම බදු ආදායම තවත් ඉහළ නැංවීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ….

2021 වසරේ සමස්ථ බදු ආදායමෙන් 19%ක් මධ්‍යසාර සහ දුම්වැටි මගින් ලැබී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. වඩාත් සංකීර්ණ මිල සූත්‍රයක් වෙනුවට දුම්වැටි සහ මධ්‍යසාර සඳහා මිල දර්ශකයක් හැකි ඉක්මනින් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන ලදී….

මෙරට දුම්වැටි හා මද්‍යසාර බදුකරණය පිළිබඳ ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම සහ බදු ගණනය කිරීම් වලදී සිදුවන දූෂණ මෙන්ම බදු ගෙවීමේ දී දුම්වැටි හා මද්‍යසාර නිෂ්පාදන ආයතන විසින් සිදු කරනු ලබන අක්‍රමිකතා නිසා රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමි වන බව කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ සිදුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය….

මීට අමතරව දුම්වැටි ප්‍රවර්ධනය කරන වැඩසටහන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නව ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන යෙදවුමක්ද හඳුන්වා දී තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය….

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top