පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණ තහනම් – කොළඹ අතිරේක මහේස්ත්‍රාත්

download 5

පාර්ලිමේන්තුවට පිවිසිනෙ මාර්ගය හා අවට මාර්ග අවහිර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝණය වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා ඊයේ (07) තහනම් නියෝගයක් නිකුත් කළා.

පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් අයවැය සම්බන්ධ වාද විවාද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මෙවැනි අවස්ථාවක අරගලකරුවන් එලෙස ක්‍රියාකලහොත් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා ඇතිවිය හැකි බවත් වැලිකඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ හා පොලිස් කොස්තාපල් හෂාන් යන අය අධිකරණයට කරන ලද කරුණු දැක්වීම සම්බන්ධයෙන් සෑහිමකට පත්ව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළා.

වැලිකඩ පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන මාර්ගය, සමනල පාලම අසළ සිට පොල්දූව හන්දිය හරහා පාර්ලිමේන්තුව දක්වා වූ මාර්ගය අවහිර කරමින් එය භාවිතා කරන මහජනතාවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පීඩාවක් ඇති වන ලෙස උද්ඝෝෂණයේ යෙදීම වළක්වාලමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්ති ප්‍රකාරව මෙම නියෝගය මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

මෙලෙස නියෝග නිකුත් කරනු ලැබූවේ කම්කරු අරගල මධ්‍යස්ථානයේ ලේකම් දුමින්ද නාගමුව හා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් යන අයටයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top