පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි. මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න (08)

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර් 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට (මැන් ඩුවොස්) වර්ධනය වී ඊයේ (7) රාත්‍රී 11.30 වන විට අක්ෂාංශ 9.2N සහ දේශාංශ 84.6Eආසන්නයේ ස්ථානගත ව පැවතුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එය තවදුරටත් බටහිරට බර ව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 09 රාත්‍රී කාලය වන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.

අද (08) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති.

උතුරු, උතුරු-මැද සහ නැඟෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර, උතුරු පළාතේ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බව යි වාර්තා වන්නේ.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි යි.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද සඳහන්.

මේ අතර ඇතැම් ප්‍රදේශ වල ඊයේ රාත්‍රී සුළං තත්ත්වය නිසා ගස් කඩා වැටීම හේතුවෙන් විදුලිය බිදවැටීම් වාර්තා වනවා.

සුළං තත්ත්වය වැඩි වීම නිසා විශාල ගස් යට සිටීමෙන් වළකින්නට වඟබලා ගන්න.

සැමවිටම ඔබගේ ආරක්ෂාව තබා ගන්න.

Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM

Ceylebrity English News And Articles- Ceylebrity News

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top