විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩවර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩවර්ජනයක

රජය විසින් හඳුවන්වා දුන් නව බදු පනතට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දිනයේ දිවයින පුරා විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශියාම් බන්නැහැක මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති මෙම බදු පනත මගින් බොහෝ වෘත්තිකයින් රට හැර යාමට කටයුතු කරමින් සිටින බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“රජය පසුගිය දා සම්මත කරපු බදු සංශෝධන පනතට විරුද්ධව අද දවසේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විශ්වවිදයාලවල සහභාගීත්වයෙන් එක්දින සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඊට සමගාමීව ලංකාවේ විශ්වවිද්‍යාල ආශ්‍රීතව ශිෂ්‍යන්ගේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරලා තිබෙනවා. ඒ වගේම කොළඹ ආසන්නයේ විශ්වවිදයාල ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් 12 සිට 1 දක්වා පැයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. අප මෙතනදි කියන්නේ බදු ගෙවන එකට විරුද්ධයි කියන එක නෙමේ. මේ බදු ප්‍රතිපත්තියට අපි විරුධයි. එය අසාධාරණයි. මේ බදු ප්‍රතිපත්තිය අනුව රටේ වෘත්තිකයන් උගතුන් බුද්ධිමතුන් රට හැර යන්න කටයුතු කරයි. මෙම බුද්ධිගලනය නිසා මේ රටේ අනාගතය විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පනත බිඳ වැටීමකට ලක් වෙනවා කියන කරුණු කාරණා අපි දිගින් දිගටම පෙන්වලා දුන්නා. ඒවාට කිසිදු ඇහුම්කන්දීමක් සිදුනොවන නිසා තමයි මේ විරෝධතා ව්‍යාපාරය සිදුකිරීමට සිදු වුණේ.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top