පෙරටුගාමී සමාජවාදී පක්ෂය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ සුදානමක්

download 8

එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබෙනවා.

ඔවුන්ගේ දේශපාලන ඉතිහාසයේ පළමු වරටයි මෙලෙස පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වීමට සුදානම් වන්නේ.

ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී මුළු රටම ආවරණය වන පරිදි ඊට තරඟ කිරීමට එම පක්ෂය තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ.

පක්ෂය දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ආරංචි වන අතර නැවුම් තරුණ කණ්ඩායමක් ඊට ඉදිරිපත් කිරීමටද ඔවුන් සුදානමින් සිටින බවද සඳහන් වනවා.

මිට පෙර ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට තරඟ කිරීමට පෙරටුගාමී පක්ෂය පියවර ගෙන තිබුණා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top