ළමයාට පහරදුන් කාන්තාව අධිකරණයට…

amanushikawa pahara dima

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ගැහැණු ළමයෙකුට පහරදෙන වීඩියෝවට අදාළව කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන රාගම කුරුකුළාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

අදාළ කාන්තාව පහරකෑමට ලක්ව ඇති 17 හැවිරිදි වියේ පසුවන ළමයාගේ කුඩම්මා බවත් ළමයාගේ පියා විදේශගත වී ඇති බවත් වාර්තා වෙයි.

පහරකෑමට ලක්ව ඇති 17 හැවිරිදි වියේ පසුවන ළමයා පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

රාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top