“..ඔහුගේ තුන්වෙනි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක තමයි මම ඇක්සෙප්ට් කලේ, අවුරුදු 2ක් ආදරේ කරලයි අපි විවාහ වුනේ..” – නුවන්දිකා සේනාරත්න…(PHOTOS)

nuwandika senarathne

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර ගායන ශිල්පිනියක් තමයි නුවන්දිකා සේනාරත්න කියලා කියන්නේ. ඒ වගේම දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි වැඩසටහනේ ජනප්‍රිය තරුවක් වුනු ඇය ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ තේමා ගීතයෙන් ඉතාම ජනප්‍රිය වුණා කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් ඇය ගැන මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඇයගේ විවාහය නිසයි.

ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඇයගේ ආදරණීය සැමියාගේ නම තමයි ජයංග කෞෂල්‍ය. වෘත්තියෙන් ඔහු සොෆ්ට් වෙයාර් ඉංජිනියර් කෙනෙක්. ඒ වගේම අවුරුදු දෙකක ප්‍රේමයකින් පස්සේ මේ ආදරණීය යුවල පසුගියදා විවාහ වුනේ. ඉතින් ඔහු ඇයව මුලින්ම දැකලා තියෙන්නේ ටිවී එකේ සින්දු කියද්දී. ඊට පස්සේ ඔහු ෆේස්බුක් එකෙන් ඇයව කන්ටැක්ට් කරගන්න ට්‍රයි කරලා තියෙනවා. ඒ වගේම ඔහු තුන් වතාවක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාල තිබුන නිසා තුන් වැනි පාර තමයිලු ඇය ඇක්සෙප්ට් කළේ.

ඉතින් ඊට පස්සේ ඔහු ඇයගේ ඊමේල් එකේ ඩොමේන් එක අරන් වෙබ් සයිට් එකක් හදලා ඇයට එවලා තියෙනවා. සාමාන්‍යයෙන් සමහරු ඩොමේන් අරන් ලොකු ගණන්වලට දෙන්න බලාගෙන ඉන්න නිසා ඇය හිතුවාලු ඔහුත් එහෙම කෙනෙක් කියලා. ඉතින් එහෙම තමයිලු මුලින්ම කතාබහ පටන් ගත්තේ. ඒ වගේම ඇයගේ උපන්දිනේට කලින් දවසේ ඔහු ඔහුගේ අයියත් එක්ක ඇයගේ ගෙදර හොයාගෙන ඇවිත් තියෙනවා.

කොහොම නමුත් ඇය එදා කොළඹ ප්‍රෝග්‍රෑම් එකක හඉඳලා තියෙන්නේ. ඉතින් ඇය ගෙදර නැති බව දැනගෙන ඇය ඉන්න තැන හොයාගෙන ඔහු කොළඹ ඇවිත් තියෙනවා. ඒ වගේම එදා තමයි ඇය ඔහුව මුලින්ම දැකලා තියෙන්නේ. ඉතින් එදා ඇයට හිතුණාලු මේ තමයි ඇය හොයපු රූපෙ කියලා. මොකද ඇය බලාපොරොත්තු වුණ රූපය ඔහුට තිබුණු නිසා. ඊට පස්සේ මාස 2ක් විතර කතා කරලා තමයි ඔවුන් වෙලා තියෙන්නේ. ඉතින් දන්නෙම නැතුව ඒක ආදරයක් බවට පත් වුන නිසා අවුරුදු දෙකකට පස්සේ විවාහ වුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ. (උපුටාගැනීමක්)

327909281 704893954568471 3621910874324237352 n
289753212 774749727230267 4183399404805043177 n
286186741 760210485350858 7523683724062717120 n
281842703 747097023328871 4387645727205931051 n
127035653 409111440460766 1649245152561880994 n
242381886 594419988596576 3966348350918367709 n
256525387 637130427658865 8721950620720184652 n
268786456 655633219141919 7538954874103597224 n
272083018 678608610177713 22109489838778324 n
272159924 678594190179155 671225703399904754 n
269934873 665773971461177 4373857756978597060 n
269756657 660464831992091 4687050980672493477 n
212836583 544757040229538 7305564614161851396 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top