නිවාස විනාශ වූ මැති ඇමතිවරුන්ගේ පෙත්සම් ගැන අධිකරණයෙන් නියෝගයක්

නිවාස විනාශ වූ මැති ඇමතිවරුන්ගේ පෙත්සම් ගැන අධිකරණයෙන් නියෝගයක්

ඉකුත් මැයි මස 09 වනදා දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්ගේ නිවාසවලට පහරදී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීම සඳහා ජනවාරි 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මැයි මස 09 වනදා සිද්ධිවලින් නිවාස හානිවූ බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සිරිපාල ගම්ලත්, එස්. එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන, කෝකිලා ගුණවර්ධන, සහන් ප්‍රදීප් ඇතුළු දේශපාලකයින් 39 දෙනෙකු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top