අයිස්වලට ගොදුරුවූ පාසල් දරුවන් ගණන ගැන හෙළිවෙයි | 81 දෙනෙකු පුනුරුත්ථාපනයට

අයිස්වලට ගොදුරුවූ පාසල් දරුවන් ගණන ගැන හෙළිවෙයි 81 දෙනෙකු පුනුරුත්ථාපනයට

අයිස් මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පාසල් සිසුන් මේ වනවිට පුනුරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

“මේ ගැන හංගන්න දෙයක් නැහැ. අපි නිකන් හිටියේ නැහැ.. දැන් මාසෙකට දෙකකට කලින් ඉඳන් කොළඹ කලාපය මුල් කරගෙන වැඩසටහනක් හැදුවා. දැන් අපි ඒක පුළුල් කරනවා මුළු දිවයිනටම. ජනවාරි සිට පටන් ගන්නවා. මීට මාසයකට විතර කලින් අයිස් මත්ද්‍රව්‍ය නිසා පුනුරුත්ථාපනය සඳහා 81 දෙනෙක් යවලා තිබෙනවා.”

මේ අතර පාසල් පද්ධතිය තුළට පැමිණ ඇති අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සොයා අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සෝදිසි මෙහෙයුම් දියත් කර තිබුණි.

දිස්ත්‍රික්ක කිහිපයක පාසල් ද ඒ යටතේ සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුණි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top