භික්‍ෂු විශ්වවිද්‍යාලයේ සිසුහු දෙදෙනා 27 දා තෙක් රිමාන්ඩ්

භික්‍ෂු විශ්වවිද්‍යාලයේ සිසුහු දෙදෙනා 27 දා තෙක් රිමාන්ඩ්

හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් හෝමාගම පිටිපන නගරයේ දී පැවැත්වූ විරෝධතාවයක් අතරතුර ඇති වූ ගැටුමකින් පසු අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා මෙම මස 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය ඊයේ (14 දා) නියෝග කළාය.

හෝමාගම පොලිසිය විසින් ඔවුන් දෙදෙනා ඊයේ හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පියවර ගන්නා ලදී.

එහිදී නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම , අයුතු ජන රාශිය , රාජකාරියට බාධා කිරීම සහ නවකවධ සිද්ධීන් සඳහා අනුබලදීම යන චෝදනා හතරක් යටතේ සැකකරුවන්ට එරෙහිව හෝමාගම පොලිසිය මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර කරන ලද්දේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් දෙදෙනෙකි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top