බැංකු කාඩ් භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්. ඔයාටත් මේ දේ වෙන්න පුළුවන්.

බැංකු කාඩ් භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්..ඔයාටත් මේ දේ වෙන්න පුළුවන්.

විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන පැමිණිලිවල සීග්‍ර වර්ධනයක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇත.

එබැවින්, නිසි පරීක්ෂාවකින් තොරව ඉහත ආකාරයේ තොරතුරු මත පදනම්ව නොදන්නා පාර්ශ්වයන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට අවධාරණය කර සිටී.

තවද, මෙවැනි ක්‍රියාවල නිරතවන වංචාකරුවන් විසින් අදාළ ගනුදෙනු සිදු කිරීම සඳහා පහත තොරතුරු ඔබගෙන් ඉල්ලා සිටිය හැකිය, පුද්ගලික හැඳුනුම් අංක (PIN), කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක (CVV), ගනුදෙනු සහතික කිරීමේ දී යොදා ගන්නා එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP), ජංගම බැංකුකරණයේ දී/ අන්තර්ජාල බැංකුකරණයේ දී යොදා ගන්නා පරිශීලක නාම (User ID), මුරපද (Password) හා එක් වරක් පමණක් භාවික වන මුරපද (OTP).

එබැවින් මෙවැනි රහස්‍ය තොරතුරු, කිසිදු තෙවන පාර්ශවයක් සමඟ හුවමාරු කර නොගත යුතු බවටත්, එවැනි වංචා පිළිබඳ සුපරීක්ෂාකාරී වන ලෙසටත්, මූල්‍ය බුද්ධි ඒකකය තවදුරටත් මහජනතාවට අවධාරණය කර සිටී.

එසේම, එවැනි විස්තර සැපයීමෙන් ඔබ/ ඔබගේ පවුලේ සාමාජිකයෙකු/ ඔබගේ සමීපතමයෙකු නිසැකයෙන් ම මූල්‍ය වංචාවක වින්දිතයෙකු බවට පත් වනු ඇත.

මේ ආකාරයේ දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ ඔබට ලැබෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් 011-2477125 හෝ 011-2477509 හරහා මූල්‍ය බුද්ධි ඒකකය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top